lakbima.lk

හමුදාව ඉවත්කරගන්න ට්‍රම්ප් රුසියාවට කියයි

වෙනිසුවෙලාවෙන් රුසියානු සෙබළු ඉවත් කරගන්නා ලෙස අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් රුසියාවෙන් ඉල්ලා ඇතැයි විදෙස් මාධ්‍ය වාර්ථා කරයි.

ඉකුත් සෙනසුරාදා රුසියානු සෙබළුන් 100 දෙනෙකු රැගෙන රුසියානු ගුවන් හමුදාවට අයත් යානා දෙකක් වෙනිසුවෙලාවේ කැරකස් අගනුවරට ගොඩබැස්වීම, වෙනිසුවෙලාවේ දේශපාලන අර්බුදය උග්‍රවීමට හේතුවී ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා වැඩිදුරටත් සඳහන් කරයි.

අමෙරිකාව උපුටා දක්වන විදෙස් මාධ්‍ය පවසන්නේ, රුසියාව රැගෙන ආ සෙබළුන් අතරට රුසියාවේ විශේෂ කාර්ය භට පිරිස් සහ සයිබර් ආරක්ෂාවට අදාළ නිලධාරීන්ද අයත් බවයි.

රුසියාව සහ චීනය වෙනිසුවෙලා ජනාධිපති නිකලස් මධූරෝට සහය පළ කර ඇති අතර අමෙරිකාව ඇතුළු බටහිර රටවල් බහුතරයක් වෙනිසුවෙලා විපක්ෂ නායක ජුවාන් ගුවයිඩෝට සහය පළ කරයි.

Lakbima Online

Download Lakbima Mobile App

 
 

 

Get In Touch With Us

Please publish modules in offcanvas position.