lakbima.lk

හමාස් සංවිධානයට ඊශ්‍රායලයෙන් ප්‍රහාරයක්

ගාසා තීරයේ හමාස් සංවිධානය ඉලක්ක කරගනිමින් ඊශ්‍රාලය ගුවන් ප්‍රහාර එල්ල කර බව විදෙස් මාධ්‍ය පවසයි. පසුගිය සඳුදා හමාස් සංවිධානය ඊශ්‍රායලයේ ටෙල් අවීව් නුවරට උතුරින් පිහිටි නිවසකට ප්‍රහාරයක් එල්ල කර ඇති අතර ඊට ප්‍රතිප්‍රහාර වශයෙන් ඊශ්‍රායලය මෙම ප්‍රහාර එල්ල කර තිබේ. 
 
හමාස් දේශපාලන නායකයන් ඉලක්ක කරගනිමින් සිදුකළ මෙම ප්‍රතිප්‍රහාරයට ප්‍රහාරක ජෙට් යානා 10ක් යොදාගත් බවයි ඊශ්‍රාලය ආරක්ෂක අංශ පවසා ඇත්තේ. බෝම්බ ප්‍රහාරයෙන් ගාසා තීරයේ පිහිටා තිබූ හමාස් නායක කාර්යාලයක් සහ හිස් ගොඩනැගිලි කිහිපයක් විනාශ වී තිබේ.
 
ප්‍රහාරයෙන් පුද්ගලයන් හත් දෙනෙක් තුවාල ලබා ඇති බව ඊශ්‍රාලය සෞඛ්‍ය අමාත්‍යංශය පවසන අතර, ප්‍රහාරයෙන් ගාසාතීරයේ උතුරු පෙදෙසේ පදිංචිකරුවන්ටද බලපෑම් එල්ල වී තිබේ. 

Lakbima Online

Download Lakbima Mobile App

 
 

 

Get In Touch With Us

Please publish modules in offcanvas position.