lakbima.lk

සෞදි රජු ඉරාණයට වගකීම සිහිකරයි

 

ඉරාණය කලාපීය ආරක්ෂාව වෙනුවෙන් තවදුරටත් කැපවිය යුතු බව සෞදියේ සල්මාන් රජු පවසයි.

ඉරාණයේ හැසිරීම මඟින් කලාපීය සහ ගෝලීය සාමයට දැඩි තර්ජනයක් එල්ල වන බවයි මැකාහි පැවැති කලාපීය සමුළුවකට එක්වෙමින් ඔහු පැවසුවේ. ඉරාණයේ න්‍යෂ්ටික සහ මිසයිල හැකියාව හමුවේ පවතින තර්ජනය තවදුරටත් ඉහළ යන බව එහි බහුතර මතය වි තිබේ. සෞදි අරාබියේ මැකාහි පැවැති මේ සමුළුවේදී කලාපය වෙත යොමුකර ඇති අමෙරිකානු හමුදා බල ඇණි පිළිබඳවද සාකච්ඡාවට ලක්ව ඇත.

ඉදිරියේදී තවත් යුද්ධයක් ඇතිවීමේ අවදානම වළක්වාගැනීම සෞදි අරාබිය ප්‍රමුඛ කලාපීය රාජ්‍යයන්හි අපේක්ෂාව බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

ඉරාණයේ නියෝජ්‍ය විදේශ අමාත්‍යවරයා පසුගියදා සඳහන්කර තිබුණේ අමෙරිකාව හා යුද වැදීමට වුවද ඉරාණය සූදානම් බවයි.

Lakbima Online

Download Lakbima Mobile App

 
 

 

Get In Touch With Us

Please publish modules in offcanvas position.