lakbima.lk

වොක්ස්වැගන් සමාගමට ඉන්දියාවෙන් නඩු

 

වොක්ස්වැගන් සමාගමට ඉන්දියානු පරිසර අධිකරණය විසින් අමෙරිකානු ඩොලර් මිලියන 71ක දඩ මුදලක් නියම කර තිබේ. ඒ අදාළ සමාගම කාබන් විමෝචන සීමාවන් උල්ලංඝනය කිරීම හේතුවෙනි.

එරට වායු දූෂණ සීමාවන් ඉක්මවමින් වොක්ස්වැගන් සමාගමේ මෝටර් රථ නිෂ්පාදනය කර ඇති  බව 2015 වර්ෂයේදී ඉන්දීය රජය සිදුකරන ලද පරීක්ෂණයකින් අනාවරණවී ඇත. ඒ සමඟ රට තුළ ඇති වොක්ස්වැගන් මෝටර් රථ තුන්ලක්ෂ විසිතුන්දහස් හත්සීයක් ආපසු කැඳවන ලෙසටත් එම සමාගමට ඉන්දීය බලධාරීන් දැනුම් දෙනු ලැබීය. 

එම අධිකරණ තීන්දුවට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයට අභියාචනයක් ගොනු කිරීමට වොක්ස්වැගන් සමාගම බලාපොරොත්තු වන බවද විදෙස් මාධ්‍ය වාර්තාවන්හි සඳහන්ය.

 

Lakbima Online

Download Lakbima Mobile App

 
 

 

Get In Touch With Us

Please publish modules in offcanvas position.