lakbima.lk

වයස අවුරුදු හැත්තෑදෙකේදී සෙල්ලම් බඩු හොරකමේ ගිය හේතුව

ප්‍රංශයේ පැරිස් නුවර ‍පොලීිසිය විසින් වයස අවුරුදු හැත්තෑදෙකක් වූ කාන්තාවක් වෙළෙඳසල්වලින් සෙල්ලම් බඩු සොරකම් කිරීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන ඇති අතර ඇය එසේ කර ඇත්තේ මෙම සෙල්ලම් බඩු අන්තර්ජාලය හරහා විකිණීමට බව කියැවෙයි. තම වෙළෙඳසලින් සොරකම් කළ භාණ්ඩ අන්තර්ජාලය හරහා විකුණන්නට තබා තිබෙනු දුටු සෙල්ලම් බඩු වෙළෙඳ සලක හිමිකරුවෙකු ඒ බව ‍පොලීිසියට දැනුම්දීමත් සමග මෙම කාන්තාව අත්අඩංගුවට ගැනීමට ‍පොලීිසිය කටයුතු කළේය. පැරීසියේ විශාල වෙළෙඳසල්වලින් සොරකම් කළ සෙල්ලම් භාණ්ඩ දහසක් පමණ ඇසුරුම්ද සහිතව ඇගේ නිවසේ තිබි හමු වූ බව ‍පොලීිසිය කියයි. ඇමෙරිකානු ඩොලර් හතළිස් පන් දහසක පමණ මුදලක්ද මෙහි තිබි හමු වූ බව ‍පොලීසිය කියයි. තමා මෙම භාණ්ඩ සොරකම් කළබව ඇය පිළිගෙන තිබේ.

නිශානි දිසානායක

Lakbima Online

Download Lakbima Mobile App

 
 

 

Get In Touch With Us

Please publish modules in offcanvas position.