lakbima.lk

රොයිටර් මාධ්‍යවේදීන් දෙදෙනාට පොදු සමාව

වසර 7ක සිර දඬුවමක් ලබා සිටි රොයිටර් පුවත් සේවයේ මාධ්‍යවේදීන් දෙදෙනා නිදහස් කිරීමට මියන්මාරයේ අධිකරණයක් තීන්දු කර තිබේ. ඒ දින 500ක කාලයක් සිරගතව සිටීමෙන් අනතුරුවය.

ඔවුන් දෙදෙනාට සිර දඬුවම් හිමි වූයේ රජයේ රහස් හෙළිදරව් කිරීම සම්බන්ධයෙන් ලද චෝදනාවන්ටය.

වා ලෝන් (33) සහ චාව් සෝ (29) නම් මාධ්‍යවේදීන් දෙදෙනා නිදහස් කර ඇත්තේ පසුගිය අප්‍රෙල් 17වැනිදායින් ආරම්භ කෙරුණු නව අවුරුදු සැමරුම් වෙනුවෙන් හිමිවූ පොදු සමාව යටතේයි.

එහිදී ඔවුන් දෙදෙනාට අමතරව තවත් දහස් ගණනන් සිරකරුවන්ට නිදහස හිමි විය.

නිදහස්වීම පිළිබද මහත් සතුටට පත්වන බවත්, නැවතත් රාජකාරියට වාර්තාකරන තුරු ඉවසීමක් නොමැති බවත් නිදහස ලැබීම පිළිබද අදහස් දක්වමින් වාලොන් පැවසුවේය.

රොයිටර්ස් ආයතනයේ ප්‍රවෘත්ති ප්‍රධානී ඇඩ්ලර් මේ පිළිබඳ අදහස් පලකරමින් සදහන් කළේ ඉතාමත් ධෛර්යවන්ත මියන්මාර මාධ්‍යවේදීන් දෙදෙනා ලද නිදහස සම්බන්ධයෙන් තමන් සහ කාර්ය මණ්ඩලය ප්‍රීතියට පත්ව සිටින බවයි.

Lakbima Online

Download Lakbima Mobile App

 
 

 

Get In Touch With Us

Please publish modules in offcanvas position.