lakbima.lk

රැප් ගායක නිප්සෙ හස්ල් වෙඩි ප්‍රහාරයකින් මරුට

සම්මානනීය අමෙරිකානු රැප් ගායක නිප්සෙ හස්ල් වෙඩි ප්‍රහාරයකින් ජීවිතක්ෂයට පත්ව තිබේ. අමෙරිකාවේ ලොස් ඇන්ජලීස් නුවර පිහිටි ඔහුගේ රෙදිපිළි අලෙවිසැලට පිටතින් වෙඩි ප්‍රහාරය එල්ල වී ඇතැයි බීබීසී ය පවසයි.

වෙඩි ප්‍රහාරයෙන් තවත් පුද්ගලයින් දෙදෙනෙකු තුවාල ලබා රෝහල් ගත කර ඇති අතර, වෙඩි වැදී තුවාල ලැබූ නිප්සෙ හස්ල් රෝහල් ගත කිරීමෙන් පසු මිය ගිය බවයි වාර්තාවන්නේ. මිය යන විට ඔහු 33වැනි වියෙහි පසු විය.

වෙඩික්කරු අත්අඩංගුවට ගෙන නොමැති අතර එරට ආරක්ෂක අංශ සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදුකරයි.

Lakbima Online

Download Lakbima Mobile App

 
 

 

Get In Touch With Us

Explore More

Please publish modules in offcanvas position.