lakbima.lk

රඳවාගෙන සිටි සවුදි රජ කුමරුට නිදහස

දුෂණය මැඩපැවැත්වීමට ජය ගත් පියවර විවේචනය කිරීම හේතුවෙන් රඳවාගෙන සිටි සවුදි අරාබි රජ කුමරෙකු නිදහස් කොට ඇත. කාලිඩ් බින් තලාල් කුමරුන්ව පවු‍ලේ උදවිය විසින් පිළිගන්නා ආකාරය ඔහුගේ ඥාතීන් විසින් අන්තර් ජාලයට මුදාහැර තිබුණි. වසරකට වැඩි කාලයක් රඳවාගෙන සිටි මොහු සල්මාන් රජුගේ ඥාති පුතෙකු වෙයි. පසුගිය වසරේ සිදුකළ දූෂණ විරෝධී ව්‍යාපාරයකදී අත්අඩංගුවට ගත් පිරිස අතර කාලිඩ් කුමරුගේ සොහොයුරා, තවත් රජපවු‍ලේ සාමාජිකයන් හා ‍‍‍ජ්‍යෙෂ්ඨ රජයේ නිලධාරීන්ද වෙයි.

 මාධ්‍යවේදී ජමාල් කාෂෝගි ගේ ඝාතනය හේතුවෙන් සවුදි රජුට එල්ල වූ පීඩනයත් සමග මෙසේ මොහු නිදහස් කොට යවා තිබේ. රජ පවු‍ලේ සහයෝගය ලබාගැනීමෙන් මෙම චෝදනාවෙන් නිදහස්වීමට රජු හා රජය කටයුතු කරන බව පැවැසෙයි. 

බි.බි.සී.

Lakbima Online

Download Lakbima Mobile App

 
 

 

Get In Touch With Us

Please publish modules in offcanvas position.