lakbima.lk

මෝර ප්‍රහාරයකින් ඕස්ට්‍රේලියානු ජාතිකයෙක් මරුට

ඕස්ට්‍රේලියාවේ ක්වින්ස්ලන්ඩ්හි සංචාරකයන් බහුල ප්‍රදේශයකදී මෝර ප්‍රහාරයකින් ඕස්ට්‍රේලියානු ජාතිකයෙක් මියගොස් ඇති බව වාර්තාවෙයි. මෙම මුහුදු වෙරළේ්දීම පසුගිය සැප්තැම්බරයේදී මෝර ප්‍රහාරවලින් දෙදෙනෙකු තුවාල ලැබුවේය.

  මෙම මියගිය තිස්තුන් හැවිරිදි පුද්ගලයා තම මිතුරන් සමග මුහුදේ පිහිනමින් සිටියදී මෝර ප්‍රහාරයට ගොදුරුවී තිබේ. කකුලක හා අතක තුවාල සහිතව රෝහල්ගත කළ මොහු පසුව මරණයට පත්වූ බව වාර්තා විය. ඔහුට බරපතළ තුවාල සිදු වූ බවද දැඩි ලෙස රුධිරය වහනයවී තිබූ බවද හෘදයාබාධයක් ඇතිවී තිබු බවද වාර්තා විය.

පසුගිය සැප්තැම්බරයේ දිනක කාලයක් තුළ වයස අවුරුදු දොළහක දැරියකට හා හතළිස්හය හැවිරිදි කාන්තාවකට මෙම ප්‍රදේශයේදීම  මෝර ප්‍රහාර එල්ල වූ අතර දැරියගේ පාදයක් ඉවත්කිරීමට සිදුවිය.

බි.බි.සී.    

Lakbima Online

Download Lakbima Mobile App

 
 

 

Get In Touch With Us

Please publish modules in offcanvas position.