lakbima.lk

මැලේසියාවේ පාසැල් 100ක් වසා දැමේ

මැලේසියාවේ ජොහෝර් පළාතේ පාසැල් 100ට වැඩි ප්‍රමාණයක් වසා දැමීමට සිදුවූ බව අධ්‍යාපන බලරීන් පවසයි. ඒ විෂ රසායනික ද්‍රව්‍යක් හේතුවෙන්. මේ හේතුවෙන් පාසල් සිසුන් ඇතුළු පුද්ගලයන් 200ක් පමණ රෝහල් ගතකර තිබේ.  ස්වශන අපහසුතාවයන්ට ලක්වූ තවත් 500ක් පමණ වෛද්‍ය ප්‍රතිකාර ලබා ඇතැයිද විදෙස් මාධ්‍ය පවසයි.

 
ප්‍රදේශය හරහා ගලා බසින ගංගාවකට බැහැර කරන විෂ සහිත අපද්‍රව්‍ය හේතුවෙන් මෙම තත්ත්වය ඇතිවූ බව බලධාරීහු සැක පලකරති. පුද්ගලයන් හයදෙනකු දැඩිසත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබන අතර තත්ත්වය බරපතල බවයි මැලේසියාවේ අධ්‍යාපන ඇමතිවරයා සඳහන් කර ඇත්තේ. 

Lakbima Online

Download Lakbima Mobile App

 
 

 

Get In Touch With Us

Explore More

Please publish modules in offcanvas position.