lakbima.lk

බලහත්කාරයෙන් ගණිකා වෘත්තියෙහි යෙදවු පිරිසක් ස්පාඤ්ඤ ‍පොලීසිය මුදාගනියි

ස්පාඤ්ඤයේ නගරයක බලහත්කාරයෙන් ගණිකා වෘත්තියෙහි යොදවා සිටි බ්‍රසීල ජාතික සමලිංගිකයින් පහළොස් දෙනෙකු ස්පාඥ්ඥ ‍පොලීසිය විසින් සොයා ගෙන තිබේ. මොවුන්ට පහරදීම් සිදුකර ඇති අතර මත්ද්‍රව්‍ය ගැනීමට බලහත්කාරයෙන් ‍පොළඹවා ඇති බවද මත්ද්‍රව්‍ය ව්‍යාපාරයෙහි යොදවා ඇති බවද බොහෝ අවස්ථාවන්හිදී තට්ටු නිවසක් තුළ සිරකොට තබාගෙන ඇති බවද වාර්තා වෙයි. අණට කීකරු නොවුණොත් ඔවුන්ට හදිහූනියම් කරන බවට තර්ජනය කොට තිබේ.
හදි හූනියම් කටයුතු සඳහා ප්‍රකට ආගමික නිකායකට අයත් භාණ්ඩද තට්ටු නිවස තුළ තිබි සොයාගෙන ඇත. ගණිකා ව්‍යාපාරය පවත්වාගෙන ගිය දහතුන්දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

බි.බි.සී.
 

Lakbima Online

Download Lakbima Mobile App

 
 

 

Get In Touch With Us

Please publish modules in offcanvas position.