lakbima.lk

නෙතනියාහු සහ හමුදා ප්‍රධානියා අතර කරට කර සටනින් නෙතනියාහු නූලෙන් ජයගනී

ඊශ්‍රායල් මහ මැතිවරණයේ ප්‍රකාශිත ඡන්ද ප්‍රතිඵලවලට අනුව වත්මන් අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙතන්යාහු සහ හිටපු හමුදා ප්‍රධානියෙකු වන බෙනී ගාන්ට්ස් අතර කරට කර සටනක් පවතී.  

නිශ්චිත ජයග්‍රාහකයෙකු ප්‍රකාශයට පත් කිරීමට නොහැකි තත්ත්වයක් උද්ගතව තිබූ මෙවර මැතිවරණයේ දී බෙන්ජමින් නෙතන්යාහු නියෝජනය කරන ලිකුද් පක්ෂය හා හිටපු හමුදා ප්‍රධානී බෙනී ගාන්ට්ස් නියෝජනය කරන බ්ලූ ඇන්ඩ් වයිට් පක්ෂය ආසන 35 බැගින් දිනාගෙන ඇති බවයි 97%ක ඡන්ද ගණන් කිරීම අවසානයේ දක්නට ලැබුණේ.

කෙසේ වෙතත් නෙතන්යාහු බහුතර බලයක් හිමිකර ගැනීමට සමත්ව ඇති බවයි ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කරන්නේ. ඒ අනුව 69 හැවිරිදි බෙන්ජමින් නෙතන්යාහු පස්වැනි වරටත් අග්‍රාමාත්‍යවරයා වනු ඇති බවයි පැවසෙන්නේ.

Lakbima Online

Download Lakbima Mobile App

 
 

 

Get In Touch With Us

Explore More

Please publish modules in offcanvas position.