lakbima.lk

නිව්යෝර්ක් නුවර හදිසි තත්ත්වයක්

සරම්ප රෝගය පැතිරීමත් සමඟ ඇමරිකාවේ නිව්යෝර්ක් නුවර රොක්ලන්ඩ් ප්‍රදේශයේ හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත්කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
 
සෞඛ්‍ය අංශ වාර්තා අනුව 153දෙනකුට රෝගය වැළඳී ඇති බවට තහවුරුවී ඇති බවයි. මීට මාස හයකට පෙර පළමු රෝගියා වාර්තා වී ඇති අතර ක්‍රමයෙන් වාර්තා වන රෝගීන් සංඛ්‍යාව වර්ධනය වී තිබේ.
 
සරම්ප රෝගය සඳහා එන්නත් නොකරන ලද දරුවන් පොදු ස්ථානවලට රැගෙන ඒම තහනම් කර ඇති අතර, එසේ රැගෙන එන්නන්ට විරුද්ධව දඩ සහ සිර දඬුවම් නියම කිරීමට අවශ්‍ය පියවරද ගෙන තිබේ. 
 
 ආගමික හා දර්ශනවාදී හේතූන් මත බොහෝ දෙමාපියන් තම දරුවන් එන්නත් කිරීමට අකමැති වී ඇති අතර  එන්නත් කිරීමෙන් ඔටිසම් වැනි රෝග තත්ත්ව ඇතිවේයැයි බියෙන් බෝහෝ දෙනා එන්නත් කිරීමෙන් වැළකී ඇති බව සෞඛ්‍ය අංශ පෙන්වා දෙයි. මේ තත්ත්වයන් හේතුවෙන් නිව්යෝක් නුවර ජනතාව, සිය දරුවන් එන්නත් කිරීමේ ප්‍රතිශතය දිගින් දිගටම අඩුවූ බවයි සෞඛ්‍ය අංශ පෙන්වා දෙන්නේ. 

Lakbima Online

Download Lakbima Mobile App

 
 

 

Get In Touch With Us

Explore More

Please publish modules in offcanvas position.