lakbima.lk

නවසීලන්තයේ මුස්ලිම් පල්ලියට එල්ලකළ ප්‍රහාරයෙන් 49ක් මරුට (PHOTOS/ UPDATE)

 

 

නවසීලන්තයේ ක්‍රයිස්චර්ච් හි පිහිටි මුස්ලිම් දේවස්ථානය තුළ සිදුකළ වෙඩි ප්‍රහාරයෙන් මේ වන විට පුද්ගලයින් 49 දෙනෙක් මිය ගොස්, 20 දෙනකු තුවාල ලබා ඇතැයි ඇතැයි විදෙස් මාධ්‍ය පවසයි.

--------------------------------------------------------------------------------

 

නවසීලන්තයේ මුස්ලිම් පල්ලියට එල්ලකළ ප්‍රහාරයෙන් 27ක් මරුට - ප්‍රහාරය සජීවීව ලොව පුරා ප්‍රචාරයත් කරලා (PHOTOS)

2019 Mar 15 10:17

නවසීලන්තයේ ක්‍රයිස්චර්ච් හි පිහිටි මුස්ලිම් දේවස්ථානය තුළ සිදුකළ වෙඩි ප්‍රහාරයෙන් මේ වන විට පුද්ගලයින් 27 දෙනෙක් මිය ගොස් ඇතැයි විදෙස් මාධ්‍ය පවසයි. 

ප්‍රහාරය එල්ලවන අවස්ථාවේදි එම දේවස්ථානය තුල බංග්ලාදේශ ක්‍රිකට් කණ්ඩායමේ ක්‍රිඩකයින් ඇතුළුව 500කට ආසන්න පිරිසක් සිට ඇති බව එහි සඳහන්. මෙම සිද්ධිය සම්බන්ධයෙන් එක් සැකකරුවෙක් අත් අඩංගුවට ගැනිමට එරට ආරක්ෂක අංශ මේවනවිට සමත්ව තිබේ.

මෙම ප්‍රහාරයක් එල්ල කර ඇත්තේ ඕස්ට්‍රේලියාවේ උපත ලැබු 28 හැවිරිදි බ්‍රෙන්ට් ටැරන්ට් නමැත්තෙකි. ඔහු මෙම ප්‍රහාරය එල්ල කරනු ලැබු ආකාරය සජීවීව වෙබ් අඩවියක් ඔස්සේ ප්‍රචාරය කිරිමටද කටයුතු කර තිබේ. මිනිත්තු 17කට ආසන්න කාලයක් පුරා දිවෙන එම විඩියෝවෙදී මෙම පුද්ගලයා සිය ඉලක්කය වන මුස්ලිම් දේවස්ථානය වෙත මෝටර් රථයකින් ගිනි අවිද රැගෙන එන අයුරු සහ සිය ප්‍රහාරය එල්ල කරන ආකාරය පැහැදිලිව සටහන්ව තිබේ.

 

මෙම ප්‍රහාරයට හේතු දක්වමින් ඔහු විසින් පිටු 74ක ප්‍රකාශනයක් පවා මුදාහැර ඇති අතර එහිදි ඔහු කියා සිටින්නේ මෙය ඉස්ලාම් ජනතාව ඉලක්ක කර ගනිමින් සිදුකළ එකක් බවට පෙනියන මුත් ඊට වඩා එහා ගිය අරුතක් මේ තුල ගැබ්වි ඇති බවයි. ඒ සංක්‍රමණික නිතියේ පවතින ගැටළු, ජාතිවාදය සහ සංස්කෘතික ගැටළු මෙම ප්‍රහාරයට හේතුවු තවත් කරුණු බව ඔහු සිය ප්‍රකාශනය මගින් හෙළිකර තිබේ.

"මා නවසීලන්තයට පැමිණියේ ප්‍රහාරයක් එල්ල කිරිමට සිතා ගෙන නොවෙයි.එහෙත් මට පසුව තේරුම් ගියා මාගේ සැලසුමට හොඳම ස්ථානය මේ රට කියා. ඒ අනුවයි මම අද ප්‍රහාරය එල්ල කරනු ලැබුවේ. බටහිර රටවලට මෙය සංඥාවක් වනවා මෙන්ම මගේ ජාතිය වෙනුවෙන් යුතුකම ඉටු කළා යන හැගීම මා සතුයි" ප්‍රහාරකයා සිය ප්‍රකාශනයේ සටහන් කර තිබෙනවා.

විදෙස් මාධ්‍ය වාර්තා කර සිටින්නේ ක්‍රයිස්චර්ච් නගරයේ පිහිටි තවත් මුස්ලිම් දේවස්ථානයකටද වෙඩි ප්‍රහාරයක් එල්ලවි ඇති බවය.

සබැඳි පුවත්

මුස්ලිම් පල්ලියක වෙඩි ප්‍රහාරයක් - බංග්ලාදේශ ක්‍රිකට් කණ්ඩායම 99න් බේරේ

 

 

 

 

Lakbima Online

Download Lakbima Mobile App

 
 

 

Get In Touch With Us

Explore More

Please publish modules in offcanvas position.