lakbima.lk

දකුණු අප්‍රිකාවේ ජනපති පුටුවට රම්පෝසා යළිත්

 

දකුණු අප්‍රිකානු මහමැතිවරණයෙන් ජය ගැනීමට, අප්‍රිකානු ජාතික කොංග්‍රසයේ සිරිල් රම්පෝසා සමත් විය. ඔහු දකුණු අප්‍රිකාවේ වත්මන් ජනාධිපතිවරයාද වේ.

දකුණු අප්‍රිකාවේ ජනාධිපති පටුවේ සිටිමින් ජනාධිපතිවරණයට ඉදිරිපත් වූ පළමු තැනැස්තා ලෙසද ඔහු සැලකෙයි.

පසුගිය අටවැනිදා පැවති දකුණු අප්‍රිකානු මහමැතිවරණයෙන් අප්‍රිකානු ජාතික කොංග්‍රසය ජයග්‍රහණය කළේ 57.5% ඡන්ද  හිමිකරගනිමිනි.

එය 1994 වර්ෂයේ සුදු ජාතික පාලනය අවසන් කිරීමෙන් පසුව එම කොංග්‍රසය මහමැතිවරණයකදී ලබාගත් අවම ඡන්ද ප්‍රතිශතය බවයි විශ්ලේෂකයින් පවසන්නේ. කෙසේ වෙතත් මෙම ජයග්‍රහණයත් සමඟ අඛණ්ඩව හය වන වරටත් රටේ පාලන බලය හිමිකර ගැනීමට අප්‍රිකානු ජාතික කොංග්‍රසය සමත්ව ඇත.

එරට පළාත් නවයෙන් අටකම බලය එම පක්ෂයට හිමිව ඇති බව සඳහන්.

දකුණු අප්‍රිකාවේ හිටපු ජනාධිපති ජේකබ් සූමා ධුරයෙන් ඉල්ලා අස්වීම හේතුවෙන් 2018 වර්ෂයේ පෙබරවාරි මාසයේ සිට එරට ජනාධිපතිවරයා ලෙස කටයුතු කරන්නේ සිරිල් රම්පෝසාය.

Lakbima Online

Download Lakbima Mobile App

 
 

 

Get In Touch With Us

Explore More

Please publish modules in offcanvas position.