lakbima.lk

තාලිබාන් සංවිධානයේ පියාගේ අවමඟුලට මහ සෙනඟක්

තාලිබාන් සංවිධානයේ පියා ලෙස හැඳින්වෙන පාකිස්තානු පූජක මවුලානා සමි උල් හක් පසුගිය සිකුරාදා ඝාතනය කරන ලද අතර ඔහුගේ අවමංගල්‍යයට රටේ විවිධ ප්‍රදේශවලින් දහස් ගණනක් ජනතාව පැමිණි බව කියැවෙයි.

ඉස්ලාමාබාදයට වයඹ දෙසින් පිහිටි ඔහුගේ උපන් ගමේ භුමදානය සිදුකෙරුණු අතර එයට පෙර බෝම්බ නිෂ්ක්‍රිය අංශය පැමිණ සුසානභුමිය පරීක්ෂා කළ බවද කියැවෙයි. තා ලිබාන් සංවිධානයේ නිර්මාතෘ මුල්ලා ඔමාර් ඇතුඵ තාලිබාන් සාමාජිකයින් විශාල පිරිසක් අධ්‍යාපනය ලැබු ආයතනයේ ප්‍රධානියා ලෙස මොහු කටයුතු කළේය.

මොහු ඝාතනය කිරීමට හේතුව පැහැදිළි  නැති අතර නිවේදනයක් නිකුත් කරමින් ඇෆ්ගනිස්ථාන තාලිබාන් සංවිධානය පවසා ඇත්තේ මොහුගේ මරණය ඉස්ලාමීය ප්‍රජාවටම බලවත් පාඩුවක් බවයි.

බි.බි.සී.

Lakbima Online

Download Lakbima Mobile App

 
 

 

Get In Touch With Us

Explore More

Please publish modules in offcanvas position.