lakbima.lk

තායිලන්ත රජු යළි විවාහ දිවියට

තායිලන්තයේ මහා වජිරලොංකොං රජු යළි විවාහ වී තිබේ. ඇය රජුගේ පෞද්ගලික ආරක්ෂක අංශයේ උප ප්‍රධානියා වේ.

ඊයේ (01) දිනයේ මෙම විවාහ මංගලෝත්සවය පවත්වා ඇති බවයි විදෙස් මාධ්‍ය පවසන්නේ. රජු හා විවාහ වූ පෞද්ගලික ආරක්ෂක අංශයේ උප ප්‍රධානිය වන සතීඩා ටිඩ්ජායි තායි ගුවන් සේවිකාවක් ලෙස කටයුතු කර ඇති අතර 2014 වසරේදී ඇය රජුගේ පෞද්ගලික ආරක්ෂක අංශයේ උප ප්‍රධානිය ලෙස පත් කර තිබේ.

දෙදෙනා අතර ප්‍රේම සම්බන්ධතාවක් පවතින බවට විදෙස් මාධ්‍යටවල‍ තොරතුරු වාර්තා වී තිබුණ ද ඔවුන් දෙදෙනා විවාහ වන තුරුම එරට රාජකීය මන්දිරය මේ සම්බන්ධයෙන් නිල ප්‍රකාශයක් සිදුකර නොතිබිණි.

66 හැවිරිදි මහා වජිරලොංකොං  රජු මීට අවස්ථා 03දී දික්කසාදවී ඇති අතර ඔහුට දරුවන් 7 දෙනෙකු වෙයි.

Lakbima Online

Download Lakbima Mobile App

 
 

 

Get In Touch With Us

Explore More

Please publish modules in offcanvas position.