lakbima.lk

ත්‍රස්තවාදයට උඩගෙඩි දුන් ට්විටර් ගිණුම් 1,50,000ක් අත්හිටුවයි

 

ත්‍රස්තවාදය ප්‍රවර්ධනයට කටයුතු කළ ට්විටර් ගිණුම් එක්ලක්ෂ පනස්දහසකට අධික සංඛ්‍යාවක් මාස 05 ක කාලයක් තුළ අත්හිටුවීමට පියවර ගත් බව එම සමාගම පවසයි.

2018 වසරේ ජුලි මාසයේ සිට දෙසැම්බර් මාසය දක්වා වන කාලය තුළ එලෙස ගිණුම් එක්ලක්ෂ හැටහයදහස් පන්සිය දහතුනක් අත්හිටුවීමට පියවර ගත් බවයි ට්විටර් සමාගම පවසා සිටින්නේ.
 
රටවල් 86කින් ලද ඉල්ලීම් සැළකිල්ලට ගනිමින් මෙම අත්හිටුවීම සිදුකර ඇති අතර ඒ සම්බන්ධයෙන් වැඩිම ඉල්ලීම් සංඛ්‍යාවක් ලැබී ඇත්තේ අමෙරිකාවෙන් බවයි පැවසෙන්නේ.

විවිධ හේතුන් මත ට්විටර් වෙබ් අඩවියේ ආරම්භයේ සිට මේ දක්වා ගිණුම් හාරලක්ෂ පනස්හයදහස් නවසිය අසු නවයක් අත්හිටුවා ඇති බවද එම සමාගම පවසයි.

Lakbima Online

Download Lakbima Mobile App

 
 

 

Get In Touch With Us

Explore More

Please publish modules in offcanvas position.