lakbima.lk

ඩකා නුවර ගින්නෙන් ලාංකිකයකු ඇතුළු 19ක් මරුට

 

බංග්ලාදේශයේ ඩකා නුවර මහල් 19 කින් යුත් ගොඩනැගිල්ලක ඊයේ හටගත් ගින්නෙන්   මියගිය සංඛ්‍යාව මේ වනවිට 19 දක්වා ඉහළගොස් තිබේ. ඒ අතර ශ්‍රී ලාංකිකයෙකුද සිටින බවයි වාර්තා වන්නේ.

එරට ගිනි නිවන බලධාරීන් සහ ගුවන් හමුදා සහායෙන් ගොඩනැගිල්ලේ සිරවි සිටි සියයකට අධික පිරිසක් බේරාගෙන තිබේ. තවදුරටත් ගොඩනැගිල්ල තුළ සෝදිසි මෙහෙයුම් සිදුවන අතර ජීවිත අහිමි වූ පුද්ගලයින්ගේ සංඛ්‍යාව තවත් ඉහළ යා හැකි බවයි පැවසෙන්නේ. 

ජීවිතක්‍ෂයට පත් වූ අයගෙන් හය දෙනෙකුම ජිවිතක්‍ෂයට පත්ව ඇත්තේ ගින්න අවස්ථාවේ ගොඩනැගිල්ලෙන් බිමට පැනීම හේතුවෙන්.

 

 

Lakbima Online

Download Lakbima Mobile App

 
 

 

Get In Touch With Us

Please publish modules in offcanvas position.