lakbima.lk

ට්‍රම්ප් එන්ගලන්තයේ සංචාරයක

 

අමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් එක්සත් රාජධානියේ සංචාරයක නිරතවීමට නියමිත බව විදෙස් මාධ්‍ය පවසයි.

ට්‍රම්ප් දින තුනක සංචාරයක් බ්‍රිතාන්‍යයේ සංචාරය  කරනු ඇති. ඒ සඳහා මෙලානියා ට්‍රම්ප් ද එක්වනු ඇති බවයි වාර්තා වන්නේ. 

එලිසබත් රැජින බකින්හැම් මාලිගයේ දී ඩොනල්ඩ් ට්‍රම්ප් සහ මෙලානියා ට්‍රම්ප් වෙනුවෙන් රාත්‍රී රාජ්‍ය භෝජන සංග්‍රහයක් ද සූදානම් කිරීමට නියමිත බවද වාර්තා වේ.

බ්‍රිතාන්‍යය යුරෝපා සංගමයෙන් ඉවත්වීම හෙවත් බ්‍රෙක්සිට් ගිවිසුම සහ එරට අග්‍රාමාත්‍ය ධුරය සම්බන්ධයෙන් සාකච්ඡා කෙරෙනු ඇති.

Lakbima Online

Download Lakbima Mobile App

 
 

 

Get In Touch With Us

Please publish modules in offcanvas position.