lakbima.lk

ට්‍රම්ප්ගේ පදයට නැටූ ස්වදේශ ආරක්ෂක ලේකම් ගෙදර යයි

අමෙරිකාවේ ස්වදේශ ආරක්ෂක ලේකම් කර්ස්ටින් නීල්සන් සිය ධූරයෙන් ඉවත්වන බව ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් නිවේදනය කරයිට්විටර් පණිවිඩයක් නිකුත්කරමින් ඇය කළ සේවයට ස්තුති කළ ජනපති ට්‍රම්ප් පවසන්නේ, තාවකාලිකව එම තනතුරට රේගු සහ දේශ සීමා ආරක්ෂක කොමසාරිස් කෙවින් මැකලීනන් පත්කරන බවයි .

කර්ස්ටින් නීල්සන් 2017 වසරේ සිට අමෙරිකාවේ ස්වදේශ ආරක්ෂක ලේකම් ධූරයේ ක්‍රියා කළ අතර ,ජනපති ට්‍රම්ප්ගේ දේශසීමා ආරක්ෂක ප්‍රතිපත්තිවලට පක්ෂපාතී කටයුතු කිරීම හමුවේ ඇය විවිධ පාර්ශවයන්ගේ විවේචනයට ද බඳුන් විය.

අමෙරිකාවේ ස්වදේශ ආරක්ෂක දෙපාර්තමේන්තුව , එරටට අනවසරයෙන් ඇතුළුවන සංක්‍රමණික පවුල් දේශසීමාවේදී එකිනෙකාගෙන් වෙන් කිරීම සහ අමෙරිකාව මෙක්සිකෝවෙන් වෙන්කර ඉදිකිරීමට යෝජිත පවුරේ කටයුතු සම්බන්ධයෙන් මූලිකත්වය ගෙන කටයුතු කරන ආයතනයක් විය.

ජනාධිපති ට්‍රම්ප් පවසන්නේ අමෙරිකාවට ඇතුළුවන අනවසර සංක්‍රමණිකයන් එරට ජාතික ආරක්ෂාවට තර්ජනයක් බවයි. කෙසේවෙතත් ජනපති ට්‍රම්ප්ගේ මතභේදාත්මක දේශසීමා ප්‍රතිපත්තිය ක්‍රියාවට නැංවූ කර්ස්ටින් නීල්සන් සිය ධූරයෙන් ඉවත්වන්නේ ස්වේච්ජාවෙන් ද යන්න මෙතෙක් අනාවරණය වී නොමැත.

Lakbima Online

Download Lakbima Mobile App

 
 

 

Get In Touch With Us

Please publish modules in offcanvas position.