lakbima.lk

ජූලි බිෂොප් දේශපාලනයෙන් සමුගනී

ඔස්ට්‍රේලියාවේ හිටපු විදේශ අමාත්‍ය ජූලි බිෂොප් දේශපාලනයට සමුදෙන බව අද (21) නිවේදනය කළේය. ඇය පවසන්නේ තමන් දේශපාලනයෙන් ඉවත් වන්නේ තව ත් අයෙකුට අවස්ථාව ලබාදීමට බවයි.

ඇය ඉකුත් අගෝස්තු මාසයේ පැවති ඔස්ට්‍රේලියානු මහ මැතිවරණයෙන් පරාජයට පත්විය. මහ මැතිවරණ පරාජයෙන් පසු ජූලි බිෂොප් වසර 11 ක කාලයක් කටයුතු කළ ලිබරල් පක්ෂ නියෝජ්‍ය නායක ධූරයට ද සමු දුන්නා ය. ඒ, ලබන මැයි මාසයේ පැවැත්වෙන මැතිවරණයට තරග නොකරන බව ද පවසමිනි.

ඕස්ට්‍රේලියාවේ විදේශ අමාත්‍යවරිය ලෙස වසර 5 ක කාලයක් කටයුතු කළ ජූලි බිෂොප්, තම රාජ්‍ය තාන්ත්‍රිකභාවය ලොවට පෙන්නුම් කළ දේශපාලන චරිතයක් ලෙස ප්‍රසංශාවට ලක්වන්නීය.

ජූලි බිෂොප් සිය තනතුරු වගකීම් සෑම තනතුරකදීම පිළිඹිඹු කළ ගෞරවනීය භාවය සහ සේවය වෙනුවෙන් ඕස්ට්‍රේලියානු අග්‍රාමාත්‍ය ස්කොට් මොරිසන් ඇයට තම කෘතවේදීත්වය පලකරන්නීය.

 

Lakbima Online

Download Lakbima Mobile App

 
 

 

Get In Touch With Us

Explore More

Please publish modules in offcanvas position.