lakbima.lk

ජම්මුහි බස්නැවතුමකට බෝම්බ ප්‍රහාරයක්

ඉන්දියාවේ ජම්මුහි ප්‍රධාන බස් නැවතුම්පළකට අද (07) එල්ල වූ බෝම්බ ප්‍රහාරයකින් එක් අයෙක් මියගොස් පුද්ගලයන් 28ක් තුවාල ලබා ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි. පිපිරීමෙන් බස් රථ රියදුරන් හා කොන්දොස්තරවරුන්  තුවාල ලබා ඇතැයි පැවසේ.

බස්රථයක් යට මෙම බෝම්බය සගවා තබා තිබී ඇති බවයි පොලිසිය පවසන්නේ.

පසුගිය වසරේ මැයි මාසයෙන් පසු මෙම බස් නැවතුම්පොළ පිහිටි ප්‍රදේශයට එල්ල වූ තෙවන බෝම්බ ප්‍රහාරය මෙය බවයි පැවසෙන්නේ.

Lakbima Online

Download Lakbima Mobile App

 
 

 

Get In Touch With Us

Explore More

Please publish modules in offcanvas position.