lakbima.lk

ගෝවේ මහ ඇමති මියයයි

ඉන්දියාවේ ගෝවා ප්‍රාන්තයේ ප්‍රධාන අමාත්‍ය මනෝහර් පරික්කාර් (63) මහතා අභාවප්‍රාප්ත වී තිබේ.

2014 සහ 2017 කාලවකවානුවේ ඉන්දියාවේ ආරක්ෂක අමාත්‍යරයා ද වූ ඔහු මෙලෙස මියගොස් ඇත්තේ උග්‍ර පිළිකා රෝගයකින් වසරකට වඩා වැඩි කාලයක් තිස්සේ පීඩා විඳීමින් සිටයි.

මනෝහර් පරික්කාර්ගේ අවමංගලෝත්සවය අද පස්වරුවේ පැවැත්වීමට නියමිතයි. මේ හේතුවෙන් ඉන්දීය මධ්‍යම රජය අද දින ජාතික ශෝක දිනයක් බවට ප්‍රකාශයට පත්කර ගෝවා ප්‍රාන්තයේ පාසල් සහ උසස් විද්‍යාල වසා දැමීමට පියවර ගෙන ඇත.

Lakbima Online

Download Lakbima Mobile App

 
 

 

Get In Touch With Us

Explore More

Please publish modules in offcanvas position.