lakbima.lk

ගුවන් යානයක් නිවසක් මතට කඩා වැටේ

සැහැල්ලු ගුවන් යානාවක් අනතුරට පත්වීමෙන් චිලී රාජ්‍යයේ දී පුද්ගලයින් 6දෙනෙක් මියගොස් තිබේ. මියගිය පිරිස අතර කාන්තාවන් දෙදෙනෙක්ද අයත් බව විදෙස් වාර්තා පවසයි.

චිලී හි පුවාර්ට මොන්ට් නගරයේ නිවසක් මතට යානාව පතිත වී තිබේ. ලා පැලෝමා ගුවන්තොටුපොළින් ගුවන් ගතවූ යානාව ඉන් මඳ වේලාවකට පසු මෙසේ අනතුරට පත්වූ බවයි වාර්තා වෙයි.

අනතුරට පත් යානාවේ ගුවන් නියමුවා සහ තවත් මගීන් 8දෙනෙකුට ගමන් කළ හැකි වුවත් එය අනතුරට පත්වූ අවස්ථාවේ එහි මගීන් 5දෙනෙක් පමණක් සිටි බවට සඳහන් පැවසෙන්නේ.

අනතුරින් නිවසට ද දැඩි සේ අලාභ හානි වී ඇත. අනතුරට හේතුව මෙතෙක් හඳුනාගෙන නොමැත.

Lakbima Online

Download Lakbima Mobile App

 
 

 

Get In Touch With Us

Please publish modules in offcanvas position.