lakbima.lk

ගුවන් යානයක් ගිණි ගැනීමෙන් 41ක් මරුට

ගුවන් යානයක් ගුවන්ගත කිරීමෙන් පසු මොස්කව්හි ෂෙරමේතෙව ගුවන් තොටුපොළ වෙත හදිසි ගොඩ බෑමකදී ගිනිබත් වීම හේතුවෙන් පුද්ගලයින් 41 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.

ගුවන් යානයේ සිට ජීවිතය බේරා ගත් ඇතැම් මගීන් පැවසුවේ, ගුවන් යානයට අකුණු සැර වැදීම හේතුවෙන් එය ගිනි ගන්නට ඇති බවය. කෙසේ වෙතත්, රුසියාවේ ජාතික ගුවන් සේවය වන එයරොෆ්ලොට් (Aeroflot) සමාගම පවසන්නේ, තාක්ෂණික දෝෂයක් හේතුවෙන් එම ගුවන් යානය ෂෙරමේතෙව් ගුවන් තොටුපොළට හදිසියේ ගොඩ බැස්වූ බවය.

ජීවිතක්ෂයට පත් වූවන් අතර ළමුන් දෙදෙනෙක් ද වේ. ගුවන් යානය තුළ එම අවස්ථාවේදී මගීන් 73 දෙනෙකු සහ කාර්ය මණ්ඩල සාමාජිකයින් පස් දෙනෙකු සිට තිබේ.

 

Lakbima Online

Download Lakbima Mobile App

 
 

 

Get In Touch With Us

Please publish modules in offcanvas position.