lakbima.lk

කාෂෝගි මරාදැමුවේ ගෙල මිරීකීමෙන් බවට හෙළිදරව්වක්

සවුදි අරාබි මාධ්‍යවේදී ජමාල් කාෂෝගිගේ අතුරුදන්වීම ගැන තම නිල නිවේදනය පළමුවරට නිකුත් කරමින් තුර්කිය කියන්නේ ඔහුගේ මරණය ගෙල මිරිකීමෙන් සිදුවූ බවය. තුර්කියේ ඉස්තාන්බුල් හි පිහිටි සවුදි අරාබි තානාපති කාර්යාලයට පසුගිය සතියේ දිනයක ඇතුළුවූ ඇමරිකානු පුරවැසියෙකු හා සවුදි රජ පවුල දැඩි ලෙස විවේචනය කරන්නෙකු වූ කාෂෝගි පිළිබඳව ඉන්පසු කිසිඳු තොරතුරක් නොවීය. මෙම නිල නිවේදනය මාධ්‍ය මේ ගැන වාර්තා කිරීමෙන් සති කිහිපයකට පසු සිදුකෙරුණු අතර තුර්කිය මෙය සාක්ෂි සහිතව ඔප්පු කළයුතු වෙයි. තුර්කි බලධාරීන් කියන්නේ තානාපති කාර්යාලය තුළදී ඔහු ඝාතනය කොට ඇති බව වුවද  එම චෝදනාව සවුදි අරාබිය ප්‍රතික්ෂේප කළේය.පසුගියදා තුර්කි හා සවුදි අරාබි බලධාරීන් හමුවුවද එය ඵලදායක හමුවක් නොවු බව තුර්කිය කියයි. සවුදිය ඒ සම්බන්ධයෙන් කිසිවක් ප්‍රකාශ කොට නැත. තානාපති කාර්යාලයට ඇතුළු වී සුළු වෙලාවක් තුළ කාෂෝගිගේ මරණය සිදුව ඇති බව තුර්කිය කියයි.
පසුව ඔහුගේ සිරුර කොටස්වලට කපා විනාශ කොට ඇති බවද තුර්කිය වැඩිදුරටත් කියා තිබේ.

සී.එන්.එන්.

Lakbima Online

Download Lakbima Mobile App

 
 

 

Get In Touch With Us

Please publish modules in offcanvas position.