lakbima.lk

ඉන්දියාවෙන් පාකිස්තානයට ගුවන් ප්‍රහාරයක්! 300ක් මරුට? (PHOTOS/ UPDATE )

ඉන්දු පාකිස්තාන දේශ සීමාව ආසන්යේ පිහිටි පාකිස්තානු ත්‍රස්ත කඳවුරකට එල්ල කළ ගුවන් ප්‍රහාරයෙන් ඉන්ඩියා ටුඩේ වාර්තා කරන්නේ 300ක් පමණ ත්‍රස්තවාදීන් පිරිසක් මෙම ප්‍රහාරයෙන් මිය යන්නට ඇතැයි ආරක්ෂක ආරංචිමාර්ග පැවසූ බවයි.

----------------------------------------------------------------

ඉන්දියාවෙන් පාකිස්තානයට ගුවන් ප්‍රහාරයක්

2019-02-26 10:18:08 

ඉන්දු පාකිස්තාන දේශ සීමාව ආසන්යේ පිහිටි පාකිස්තානු ත්‍රස්ත කඳවුරකට ගුවන් ප්‍රහාරයක් එල්ල කළ බව ඉන්දිය ගුවන් හමුදාව උපුටා දක්වමින් විදෙස් මාධ්‍ය වාර්තා කරයි. ඉන්දීය හමුදාව සඳහන්කර ඇත්තේ කළේ, අද (26) අලුයම 3.30 ට පමණ මිරාජ් ටූ තවුසන්ඩ් ප්‍රහාරක ජෙට් යානා 12 ක් යොදාගනිමින් මෙම ප්‍රහාරය ඒල්ල කළ බවයි .

කිලෝග්‍රෑම් දහසක් බර බෝම්බ හෙළීමෙන් පකිස්ථාන දේශසීමාවේ පිහිටි කඳවුර ජයීෂ් ඒ මොහොමඩ් ත්‍රස්ත සංවිධානයේ පුහුණු කඳවුර සම්පූර්ණයෙන්ම විනාශ කළ බවයි ඉන්දීය ආරක්ෂක අංශ උපුටා දක්වමින් විදෙස් මාධ්‍ය වැඩිදුරටත්  පවසන්නේ.

පාකිස්තානු හමුදා ප්‍රකාශක මේජර් ජෙනරාල් අසීෆ් ගාෆූර් උපුටා දක්වමින් පවසන්නේ, තම ගුවන් සීමාව උල්ලංඝණය කරමින් යුද මුක්ත කලාපයෙන් සැතපුම් 50ක් පමණ දුරින් පිහිටි බලාකොට් ආසන්නයේ පිහිටි ස්ථානයකට මෙම ප්‍රහාරය එල්ලකොට ඇති බවයි. එම අවස්ථාවේම තම ප්‍රහාරක ගුවන් යානාද පිටත් කර යැවූවද ඒ වනවිට ඉන්දී යානා ආපසු පිටත් ගොස් තිබූ බවද ඔහු වැඩිදුරටත් පවසා තිබේ.

Lakbima Online

Download Lakbima Mobile App

 
 

 

Get In Touch With Us

Explore More

Please publish modules in offcanvas position.