lakbima.lk

ඉඩායි නිසා දහස් ගණනක් ගස් හා වහල උඩ - සහන සේවකයිනුත් අඩපන කරයි


මොසැම්බික් රාජ්‍යය හරහා හමා ගිය ඉඩායි සුළි කුණාටුවෙන් පීඩාවට පත් වූවන් ආසන්නයට ළඟා වීම අතිශය දුෂ්කර වී ඇතැයි සහන සේවා කණ්ඩායම් පවසති. ඔවුන් පවසන්නේ, ව්‍යසනකාරී ජල ගැලීම්වලට ගොදුරු වූවන් දහස් ගණනක් වහල මත මෙන් ම ගස් මත ද කොටු වී සිටින බවයි.

ඉඩායි  සුළි කුණාටුවෙන් පුද්ගලයින් 300 දෙනෙකු පමණ ජීවිතක්ෂයට පත්ව ඇතැයි මේවනවිට තහවුරව ඇතත්, එම සංඛ්‍යාව ඉහළ යා හැකි බවයි පැවසෙන්නේ.

බෙයිරා නගරයේ සහන සේවාවල නිරත කණ්ඩායම් පවසන්නේ, තමන් සතු පිරිසුදු ජලය දින දෙක තුනකට පමණක් ප්‍රමාණවත් වනු ඇති බවයි.

ආහාර සහ පානීය පිරිසුදු ජලය හිඟකම නිසා ලෙඩ රෝග පැතිර යාමේ වර්ධනයක් සිදු විය හැකි බවට වෛද්‍ය ආයතන අනතුරු අඟවා තිබේ.

පසුගිය බ්‍රහස්පතින්දා බෙයිරා නගරය හරහා ප්‍රබල ඉඩායි සුළි කුණාටුව හමා ගියේ පැයට කිලෝමීටර් 177ක වේගයකිනි. බෙයිරා නගරය ව්‍යසනයට ලක් කර එය සිම්බාබ්වේ සහ මලාවි රාජ්‍යයන් කරා හමා ගියේය.

මොසැම්බික් ජනාධිපති ෆෙලිපේ යූසි පවසා ඇත්තේ, පුද්ගලයින් 100,000කට අධික පිරිසක් අවදානමට ලක්ව සිටින බවය.

Lakbima Online

Download Lakbima Mobile App

 
 

 

Get In Touch With Us

Please publish modules in offcanvas position.