lakbima.lk

අන්තවාදීන්ට උදව් කළ ශමීමා රටට ආවොත් එල්ලනවා


ඉස්ලාමීය අන්තවාදී ත්‍රස්තයන් සමග එකතුවීම සඳහා 2015 වසරේදී ලන්ඩන් නුවර සිට සිරියාවට පළාගිය බංග්ලාදේශ සම්භවයක් ඇති ශමීමා බෙගම් නමැති තරුණිය යළි බංග්ලාදේශයට පැමිණියහොත් ත්‍රස්තවාදයට හවුල්වීම යන චෝදනාව යටතේ නඩු පවරා එල්ලා මරා දමන බව එරට විදේශ ඇමැති අබ්දුල් මෝර්ටන් පවසයි.

මීට වසර හතරකට පමණ පෙර සිරියාවට පළාගිය මෙම දහනව හැවිරිදි තරුණිය මේ වනවිට සිරියාවේ සරණාගත කඳවුරක රැඳී සිටී.

මේ පිළිබඳව අදහස් දක්වමින් බ්‍රිතාන්‍ය විදේශ ‍ලේකම් සයිඩ් ජාවඩ්  කියා ඇත්තේ යම් කිසිවෙක් බ්‍රිතාන්‍යයෙන් පිටවී ත්‍රස්තවාදයට උදව් උපකාර කළහොත් ඔහුට හෝ ඇයට යළි බ්‍රිතාන්‍යයට පැමිණීමට අවසර නොදෙන බවයි.

Lakbima Online

Download Lakbima Mobile App

 
 

 

Get In Touch With Us

Explore More

Please publish modules in offcanvas position.