ඉන්දීය ආරක්ෂක හමුදා රථ පෙළක් ඉලක්ක කොට පුපුරුවා හරිනු ලැබූ අධි බලැති මරාගෙන මැරෙන කාර් බෝම්බ ප්‍රහාරයට වගකිවයුතු ත්රස්තවාදීන් දෙදෙනා ඝාතනය කිරීමට ඉන්දීය හමුදාව අද (18) සමත්ව තිබේ. ඒ එම ප්‍රහාරය එල් කළ පුල්වාමා නගරයේ සිට කිලෝමීටර් 10ක් පමණ දුරින් පිහිටි පින්ග්ලාන් හිදීය. පසුගිය 14දා එල්ල කළ මෙම ප්‍රහාරයෙන් ඉන්දීය හමුදා සාමාජිකයින් 40ක් පමණ මියගියහ.
ප්‍රහාරය මෙහෙයවූ මහමොලකරු වන කම්රන් සහ බෝම්බය සෑදු ඇෆ්ගනිස්ථාන් ජාතික පුපුරණ ද්‍රව්‍ය විශේෂඥයා වන ගාසී රෂීඩ් ඉන්දීය හමුදාව විසින් සිදුකළ මෙහෙයුමේදී මෙලෙස ඝාතනය කර ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි.
හමුදා රථ පෙළට බෝම්බ ප්‍රහාරය එල්ල කරනු ලැබූ ත්‍රස්ත කණ්ඩායමේ සාමාජිකයින් සැඟවී සිටින බවට ලද තොරතුරක් අනුව ඉන්දීය හමුදාව ඊයේ (17) මධ්‍යම රාත්රියේදී මෙහෙයුමක් දියත් කළ අතර ත්‍රස්ත සාමාජිකයින් අතර ඇතිවූ වෙඩි හුවමාරුවේදී, ඉන්දීය හමුදාවේ මේජර් වරයෙක් ඇතුළු හමුදාවේ සිවුදෙනෙක් මියගොස් ඇති බවයි වාර්තා වන්නේ
ජේෂ්-ඊ-මොහොමඩ් ඉස්ලාමිය අන්තවාදී කණ්ඩායමේ ප්‍රධානියා වන මසුඩ් අසාර් ගේ විශ්වාසනියම සගයා වන කම්රන්, කාශ්මීර් ප්‍රාන්තයේ බඳවා ගැනීමේ සහ සටන් පුහුණුකරු ලෙස කටයුතු කරනු ලැබූ අය බවට හඳුනාගෙන ඇත.
.
- Hits: 332