lakbima.lk

මෙවර අවුරුද්ද සඳහා නිල්පැහැය දක්වා ඇති අතර අද ඉදිරිපත් කරන්නේ නිල් පැහැති ඇඳුම් නිර්මාණ කීපයකි. බොහෝ දෙනෙකු මෙම චාරිත්‍ර වාරිත්‍ර ඉටු කිරීම සඳහා නියමිත වර්ණ වලින්ම ඇඳුම් නිර්මාණය කිරීමට යුහුසුළු වෙන නිසා ඊට සුදුසු ලෙස  නිර්මාණ රටාවන් සංකලනය කර ගන්නා ආකාරය ඉදිරිපත් කරඇති ඇඳුම් මෝස්තර තුළින් ඔබට දළ අවබෝධයක් ලබාගත හැක.
නිවසේ සියලු දෙනා ඉතා සමගියෙන්  සතුටෙන් සමරන ආහාර අනුභව කරන අවස්ථාව සඳහා ගවුමකින් හැඩගැන්වීමට බොහෝ තරුණියන් කැමති වේ. ඒ සඳහා 100 කපු මිශ්‍ර චීත්ත වැනි  රෙදි වර්ග යොදා ගැනීමේ ප්‍රවණතාවක්ද දැකිය හැකිය.
නාගරිකව ජීවත් වන කාන්තාවන් වුවද, ඒ සඳහා සරල මෙන්ම ගැමි සුන්දරත්වය විදහාලන අයුරින් කාන්තා ලාලිත්‍ය ඔප් නැංවෙන ආකාරයේ මෝස්තර යොදා ගැනීමට ඉතා කැමැත්තක් දක්වයි. මේ සඳහා මල් විසිරී ඇති මුද්‍රිත රෙදි වර්ග ඉතාම යෝග්‍ය වේ.
අප නිතර දකින මෝස්තර නිර්මාණයන්ට වඩා හාත් පසින්ම වෙනස් ආකාරයේ ඉතාම නැවුම් හැඟීමක් ගෙනදෙන මෙවැනි ගවුම් නිර්මාණ වෙළෙඳ පළෙන් මිලදී ගැනීමට අපහසු බැවින්, එය ඇඳුම් නිර්මාණකරුවකු ලවා සිදු කර ගත යුතුයි. මෙවැනි ඇඳුම් තමන්ටම නිර්මාණය කර මසා ගැනීමට හැකියාවක් ඇත්නම් මේ උත්සව සමයේ විශාල ආර්ථික වාසියක් ලබා ගත හැක.
 
හොරණ වගීෂා ස්කූල් ඔෆ් ඩේ‍රස් මේකින් හි ප්‍රවීණ මැහුම් හා මෝස්තර නිර්මාණ ශිල්පිනී වගීෂා අබේසිංහ ඉදිරිපත් කරයි

Lakbima Online

Download Lakbima Mobile App

 
 

 

Get In Touch With Us

Please publish modules in offcanvas position.