lakbima.lk



අරාබිකරයේ කාන්තාවන් මුළු සිරුරම වසා සැරසී සිටින අයුරු දකිද්දී ඔවුන් රූපලාවන්‍යය ගැන එතරම් උනන්දුවක් නැති පිරිසක් ලෙස යමෙකුට සිතෙන්නට ඉඩ තිබේ. එහෙත් එය එසේ නොවන බව පෙනෙන්නේ ඒ රටවල ඇති රූපලාවන්‍යාගාර වල තරම දකින විටය. කාන්තාවෝ උත්සව කාලවලදී එම ස්ථානවල සේවය ලබා ගැනීමට පොරොත්තු ලේඛනවල රැඳී සිටිති.
මේ ඇතැම් රූපලාවන්‍යාගාරයක සේවාවන් නිවසටම හෝ හෝටලයටම හෝ පැමිණ කර දෙන බව සඳහන්ය. ඔවුහු විවාහ මංගල දින සඳහා ද රූපලාවන්‍ය සේවා සපයති. උත්සව සමයන්හිදී මේ ආයතනවලට ඇති ඉල්ලූම කෙතරම් ද යත් ඒවායේ සේවය කරන්නන්ගේ සේවාකාලය වැඩි කර අමතර සේවකයන් බඳවා ගැනීමට සිදුවන බව පැවසේ. කටාර් රාජ්‍යයේ නම් ජාතික දින සමරුව සිදුකෙරෙන දවස ද කාන්තාවන් තම රුව සුන්දර කර ගැනීමට රූපලාවන්‍ය ශිල්පියෙකුගේ පිහිට පතන දවසකි.
තරුණ ගැහැනු ළමයින් හා සෙසු කාන්තාවන් අතර රූපලාවන්‍ය කටයුතු සඳහා වූ ඉල්ලූම ඉහළ යන බව දැකීමෙන් බොහෝ දෙනා මේ ව්‍යාපාරයට එක්වුණු බව පෙනේ. එ්වා බොහොමයක හිසකේ වර්ණ ගැන්වීම, කොණ්ඩා මෝස්තර දැමීම, නියපොතු අලංකාර කිරීමේ කටයුතු, හෙනා වලින් කෙරෙන අලංකරණ ආදී සෑම කටයුත්තක්ම කිරීමට පහසුකම් ඇත.
රූපලාවන්‍යාගාර වලට අවශ්‍ය ඇතැම් ද්‍රව්‍ය කටාර් රාජ්‍යයෙන් මිලට ගන්නා අතර අනෙක් ඒවා ඉන්දියාව, තායිලන්තය, චීනය හා කුවේටය වැනි රටවලින් ආනයනය කරනු ලැබේ. මේ ආයතන වලින් සේවය ලබා ගන්නා පිරිස අතර විදේශිකයෝ ද සිටිති. මෙනිසා රූපලාවන්‍ය ශිල්පීන්ගේ ආදායම් ඉහළ යමින් ඇතැයි පැවසේ.
 ඕමානයේ සාර්ථක රූපලාවන්‍ය ශිල්පිනියක් වන මාහා :ඵ්ය්* පවසන්නේ තම ව්‍යාපාරය ආරම්භයේදී ඉතා කාර්ය බහුල වුව ද අනාගත දියුණුව ඉලක්ක කර කාලය කළමනාකරණය කර ගනිමින් නම්‍යශීලීව තම අරමුණ වෙත ළ`ගාවීමට හුරු පුරුදු වූ බවයි. කුමන අභියෝග පැමිණිය ද පරාජයන් හමුවේ තම අරමුණ කරා යෑම අත් නොහැර සටන් කළ බව  ඕ පවසන්නීය. ඒ සඳහා ශක්තියක් වූවේ ඇගේ සැමියා බව සඳහන් කිරීමට ඈ අමතක නොකරයි.
මේ ව්‍යාපාරයේ නිරත ඇතැම් කාන්තාවන් අද උත්සාහ කරන්නේ දැන් ඔවුන් ඉන්නා ප‍්‍රදේශයෙන් ඔබ්බට තම හැකියාව ප‍්‍රදර්ශනය කිමටයි. ඇතැම්මු ඒ ඔස්සේ ජාත්‍යන්තරයට පිවිසීමට උත්සාහ කරති.
රූපලාවන්‍ය ශිල්පිනියක වන නෆිසා ඉනායතුල්ලා පවසන්නේ රාමසාන් වැනි උත්සව සමයන් වසරේ හොඳම කාල බවයි. එම දිනය හෙනා සිත්තම් සොයන කාන්තාවන්ගෙන් රට පුරා රූපලාවන්‍යාගාර පිරීයන කාලයයි. නෆිසා වසර 32ක් තිස්සේ ඒ බව අත්දුටු තැනැත්තියකි.
මුම්බායිහි මිතුරියක දුන් තොරතුරකට අනුව නව යොවුන් වියේදීම එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ  රූපලාවන්‍යාගාරයක සේවයට පැමිණ ඇති නෆිසා අද අබුඩාබියේ ඇගේම ආයතනයක හිමිකාරියකි. හෙනා කලාකාරිනියන් රැුසක් ඇය යටතේ සේවය කරන්නේ ඔවුන්ගේ පවුල්වලට ද උපකාර කරමිනි.
‘ඒ දිනවල මගේ පවුල මත යැපුණු මට ස්වාධීන වෙන්න  ඕනෑ වුණා. පියාගේ සෙවණින් මිදුණු ජීවිතයක් අත්දකින්න  ඕනෑ වුණා. ඔබට හැකියාව ඇත්නම් ඔබ ස්වාධීන නොවන්නේ ඇයි?’ යනුවෙන් නෆිසා ප‍්‍රශ්න කරන්නීය.
සැබැවින්ම මේ රූපලාවන්‍යාගාර වලදී ළඳුන්ගේ අත්පා හෙනා සිත්තම් වලින් හැඩවෙන අයුරු අපූරු බව නම් නොකියාම බැරිය.

ඒ. ජී.දීපිකා ප‍්‍රියදර්ශනී

Lakbima Online

Download Lakbima Mobile App

 
 

 

Get In Touch With Us

Please publish modules in offcanvas position.