lakbima.lk

විවිධ අවස්ථාවන් සඳහා අඳිනු ලබන සාරි හැට්ට මෝස්තර විවිධාකාරයෙන් පසුගිය සති තුළදී අපි ඉදිරිපත් කළෙමු. එබැවින් මෙවර සාමාන්‍ය ගමන් සඳහා ඔබට නිර්මාණය කරගත හැකි සාරි බ්ලවුස් විලාසිතා කීපයක පසුපස කර හැඩයට සුදුසු නිර්මාණ කීපයක් ඉදිරිපත් කර ඇත. පසුපස කර හැඩයන් නිර්මාණයේදී එය ක්‍රමානුකූලව සහ අවස්ථාවට ගැළපෙන පරිදි කල්පනාකාරීව සිදු කළ යුතුය. 
අප නිතර දකින මෝස්තර නිර්මාණයන්ගෙන් මිදී කාලයේ තාලයට අනුගත විය හැකි සුවිශේෂී වූ නිර්මාණ රටාවන් තමන්ගේ ඇඳුම් නිර්මාණයට දායක කර ගැනීම කාගේත් අරමුණයි. ඒ සඳහා යම් අදහසක් ඔබට මේ තුළින් ගත හැකිය. සිත්ගන්නා සුළු වර්ණ නිමාවන්ගෙන් යුක්තව මසා ඇති මෙම සාරි හැට්ට අපගේ කැමැත්ත පරිදි එකිනෙකට වෙනස් වූ සාරි සමගද ගලපා ඇඳිය හැකි අතර තනි වර්ණයකින් යුතු හෝ වර්ණ කීපයක් සම්මිශ්‍රණය වූ සාරි සමගද ගලපා ගත හැක. 
අප කොතෙකුත් කාලය හා ශ්‍රමය කැපකිරීමෙන් යම් නිර්මාණයක් සිදුකළත් එය නිසි ලෙස සාරියක් සමගින් ගලපා නොගතහොත් එහි වටිනාකමක් පිළිබිඹු නොවේ. මෙවැනි ඕනෑම නිර්මාණයක පැවැත්ම සඳහා ඊට අනුගත වන අනෙකුත් නිර්මාණ තුළද සමීප බවක් තිබිය යුතුමය.
 
හොරණ වගීෂා ස්කූල් ඔෆ් ඩේ‍රස් මේකින් හි ප්‍රවීණ මැහුම් හා මෝස්තර නිර්මාණ ශිල්පිනී වගීෂා අබේසිංහ ඉදිරිපත් කරයි

Lakbima Online

Download Lakbima Mobile App

 
 

 

Get In Touch With Us

Please publish modules in offcanvas position.