lakbima.lk

මෙවර ඉදිරිපත් කර ඇති සල්වාර් විලාසිතා උත්සව මෙන්ම සාමාන්‍ය අවස්ථාවත් සඳහාද කාන්තාවන්ට සුදුසු ඇඳුම් නිර්මාණයක් ලෙස සැලකිය හැකිය. මෙහිදී යොදා ගන්නා රෙදි වර්ග අනුව සහභාගි වන අවස්ථාව තීරණය කළ යුතුවේ. 
මෙවැනි නිර්මාණ සිදුකිරීමේදී ඇඳුම් නිර්මාණ ශිල්පියාට හෝ ශිල්පිනියට මෙම කාර්යය සඳහා ලබාදී ඇති යම් සීමාවන් තුළ, එනම් ඒ සඳහා වැයකළ හැකි මූල්‍ය වටිනාකම සහ එය කුමන අවස්ථාවක් සඳහා මසා ගන්නේද යන කරුණු අනුව නිර්මාණ කටයුතු සිදු කළ යුතුවේ. අනෙකුත් බොහෝ ඇඳුම් නිර්මාණයන්ට වඩා අසීරු නිර්මාණ රටාවන් සහිත සල්වාර් ඇඳුම් මිලෙන් අධිකය. බොහෝ විට මෙවැනි ඇඳුම් සඳහා විවිධ නිර්මාණකරුවන්ට ආවේනික ෙශෙලීන් යොදා ඉතා සියුම් නිර්මාණ රටාවන් යෙදීම තුළින් එහි සාර්ථකත්වය ළඟාකර ගත හැකි අතර එයට ඉතා හොඳ වෙළෙඳපළ වටිනාකමක්ද එක් කළ හැකිවේ. 
තවද මේ සඳහා විවිධ වූ හෑන්ඩ් එම්බ්‍රොයිඩර් ක්‍රම යෙදීම මගින් නිර්මාණයට යම් සජීවී බවක් ලැබේ. මේ සඳහා මෙකල බොහෝ ජනප්‍රිය ත්‍රී සී ක්‍රමයට එම්බ්‍රොයිඩර්  මෝස්තර යෙදීම මගින් නිර්මාණයට මෙන්ම නිර්මාණකරුවාටද අන්‍යතාවයක් ඇතිවේ.
 
හොරණ වගීෂා ස්කූල් ඔෆ් ඩේ‍රස් මේකින් හි ප්‍රවීණ මැහුම් හා මෝස්තර නිර්මාණ ශිල්පිනී වගීෂා අබේසිංහ ඉදිරිපත් කරයි

Lakbima Online

Download Lakbima Mobile App

 
 

 

Get In Touch With Us

Please publish modules in offcanvas position.