lakbima.lk

කොටු රෙදි වර්ග යොදාගනිමින් විවිධාකාරයේ බ්ලවුස් විලාසිතා නිරමාණය කළ හැකි බව ඔබට ඉදිරිපත් කර ඇති විලාසිතා තුළින් යම් අවබෝදයක් ලබා ගත හැක. මෙහි ඇති විලාසිතාවන් සැහැල්ලු ගමන් බිමන් සඳහා යෝග්‍ය වන අතර අපගේ අවශ්‍යතාවන්ට අනුරූපව ඒවායේ වර්ණ සංකලනය කළ හැක. ඕනෑම ඇඳුම් නිර්මාණයක අපූර්වත්වය රඳා පවතින්නේ එහි නිමාව සහ නිවැරදි වර්ණ සංයෝජනය තුළිනි. නිර්මාණශීලී අදහස් ඇති අයකුට මෙවැනි රෙදි වර්ග යොදා ගනිමින් සුවිශේෂී නිර්මාණ බිහිකළ හැක. කලින් කලට මෙම රෙදි වර්ග යොදා ගනිමින් විලාසිතා බිහිකිරීමේ ප්‍රවනතාවක් ඇති අතර ඉන් ඇඳුම් නිර්මාණයට මනා පෞරුෂයක් එක් කළ හැකි බවද කිව යුතුය. ඕනෑම වයස් මට්ටමක පසුවන කාන්තාවන් සඳහා කොටු රෙදි වර්ග යොදා ගනිමින් ඇඳුම් නිර්මාණ සිදු කළ හැක. එමෙන්ම කුඩා දියණියන් සඳහා වුවද මුද්‍රිත රටාවන් සහ වර්ණ සමබරව යොදා ගැනීමෙන් ඇඳුම් විලාසිතා සකසා ගත හැකිය.

හොරණ වගීෂා ස්කූල්  ඔෆ් ඩේ‍රස්  මේකින් හි ප්‍රවීණ මැහුම් හා මෝස්තර නිර්මාණ ශිල්පිනී වගීෂා අබේසිංහ ඉදිරිපත් කරයි

Lakbima Online

Download Lakbima Mobile App

 
 

 

Get In Touch With Us

Please publish modules in offcanvas position.