lakbima.lk

බලන්න මේ සාරි ජැකට් එක ලස්සනයි නේද? ඔබ හිතන්නේ මේක මහන්න අමාරුයි කියලද? නැහැ හරිම පහසුයි. මේ දී ඇති පතරොමට අනුව ක්‍රමවත්ව මහමු. පපුව 34 ඉණ 28 උස 16 ප්‍රමාණයට තමයි මේ පතරොම හදල තියෙන්නේ  1/4 අංශයෙන් පමණක් අඩු වැඩි කර ගැනීමෙන් 1ක් වෙනස් පපුව මිම්මට  හදාගන්න පුළුවනි. මේ පතරොම් කොටස් වෙන වෙනම කාබන් එකක් තබා කොපි කර ගන්න.

දැන් ලයිනින් එකේ ඇඳ කපා ගන්න.  ඉදිරි පලුව කොටස් 2 - උරහිසට, කරට, අත් කටට, යටට, ඉදිරිපසට 1/2 බැගින්ද අංශයට 1 1/4 ක්ද වාසි තබා කපා ගන්න.

 පිටුපස පලුව -  නැම්මට තබා උරහිසට, කරට, අත්කටට 1/2 බැගින්ද අංශයට වාටියට 1 1/4 ද තබා කපා ගන්න.  යෝක් කොටස්- - රෙදි කොටස් 2 ලයිනින් කොටස් 4 ස්ටිප් 2යි, උඩට, ඉදිරි පසට  1/2ක්ද, අංශයට, වාටියට 1/4 ද තබා කපා ගන්න.  අත් දෙක -  අත් කටට1/2ක්ද, අංශයට, වාටියට  1 1/4 ද තබා කපා ගන්න.

කපාගත් ලයිනින් කොටස් ජැකට් රෙද්ද මත තබා කපාගන්න. ඉදිරි කර තබා ෆේසිම කපා ගන්න. පිටුපස  පලුවට ෆේසිම රූප සටහනේ තිත් ඉරිවලින් පෙන්නා දී ඇති පරිදි කපා ගන්න. ෆේෂිම පලු දෙකටම අල්ලා හරවා මසා ගන්න. පිටුපස කෝඩ් එකද  අල්ලා මසා ගත හැක.

ඉදිරිපලු දෙකේ ඩාට් නියමිත පරිදි රේඛාවන් දිගේ මසා ගන්න. (රෙදි කොටස් 1 ලයිනින් 1 ස්ටිප් 1, නැවත ලයිනින් 1 තබා) සකසා ගත් යෝක් කොටස 2 ඉදිරි පලු දෙකට රේඛා දිගේ අල්ලා ගන්න.  අත් දෙක නිවැරදිව රේකා දිගේ රැළි නොවනසේ අල්ලා ගන්න.  අංශ දෙක වැඩිපුර වාසි හැර රේඛා  එකට තබමින් මූට්ටු කර ගන්න. කිහිලි කටවල මූට්ටු වෙනස් නොවන සේ තිබිය යුතුයි.

සැ.යු. කරට, අතට, වාටියට බෝඩරයක් අල්ලා ගන්නේ නම් අංශ මැසීමට පෙර අල්ලා ගන්න. වෙළෙඳපළේ විවිධ බෝඩර් පටි ඇත.  ඉදිරිපස දකුණු පලුවේ උඩින් පටියක් තබා යටට නවා හක් ඇල්ලීමට පටිය මසා ගන්න වම්පස යටින් පටියක් තබා උඩට හරවා ලුප් මසා ගන්න. හක් 7ක්වත් ඇල්ලීමට අවශ්‍යවේ. බෝඩරයක් අල්ලන්නේ නැතිතනම් පසුකර   ෆේෂිම වාටි අතින් මසා ගැනීම වැදගත් වේ

බණ්ඩාරගම එම්.එස්.පී. මැහුම් පාස‍ලේ උපදේශිකා  ප්‍රවීණ මැහුම් ශිල්පිනී මැහුම් ඩිප්ලෝමාධාරිනී මානෙල් ප්‍රේමතිලක ඉදිරිපත් කරයි 

Lakbima Online

Download Lakbima Mobile App

 
 

 

Get In Touch With Us

Please publish modules in offcanvas position.