lakbima.lk



මෙහි ඉදිරිපත් කර ඇති ගවුම්   නිර්මාණ නිර්මාණශිල්පියකුට තම නිර්මාණ කුසලතා ඔප් නංවා ගැනීමට සහ ඒ තුළින් නිර්මාණකරණයේ විවිධ පැතිකඩ කරා යාමට අත්වැලක් වනු ඇත. මෙවැනි නිර්මාණ  අනෙකුත්  ඇඳුම් නිර්මාණවලට වඩා මදක් අසීරු වුවත්  එවැනි නිර්මාණ වෙළෙඳ‍පොළේ දුර්ලබ බැවින් ඒ සඳහා වැඩි මුල්‍ය වටිනාකමක් ඇති අතර ඊට ඉතා හොඳ  ඉල්ලුමක්ද පවතී.
මෙවැනි ඇඳුම් නිර්මාණ සාමාන්‍ය උත්සව සහ විශේෂ අවස්ථාවන් සඳහා වඩාත් උචිත වන අතර මේ සඳහා වර්ණ එක් කිරිමේදීද සැලකිලිමත්විය  යුතුය.  සහභාගිවන අවස්ථාව  සහ ඉන් හැඩගැන්වෙන  තරුණියගේ සිරුරේ පැහැය
පිළිබඳවද සැලකලිමත් විය යුතු වේ. තවද  අප මේ සඳහා යොදාගන්නා වර්ණය නිසා මෙහි  නිර්මාණාත්මක රටාවට  හානියක්  වන්නේද යන්න පිළිබඳවද විශේෂයෙන් සැලකලිමත් වීම අවශ්‍යය. යම් නිර්මාණ ශිල්පිණියකට හෝ ශිල්පියෙකුට මෙවැනි ඇඳුම් නිර්මාණය  කළ  හැකිනම්  ඔහුට හෝ ඇයට ඇඳුම් නිර්මාණ කලාවේ දිගු ගමනක් යා හැකිවේ.

හොරණ වගීෂා ස්කූල්  ඔෆ් ඩේ‍රස්  මේකින් හි ප්‍රවීණ මැහුම් හා මෝස්තර නිර්මාණ ශිල්පිනී වගීෂා අබේසිංහ ඉදිරිපත් කරයි

Lakbima Online

Download Lakbima Mobile App

 
 

 

Get In Touch With Us

Please publish modules in offcanvas position.