lakbima.lk

නත්තල් සාද සඳහා සුදුසු විලාසිතා

ඉදිරියේ එන නත්තල් සමයේදී හැඩවිය හැකි තරුණියන් සඳහා සුදුසු ඉතා අලංකාර ගවුම් මෝස්තර කීපයක් මෙවර මෙන්ම ඉදිරි සති දෙක තුළදීද ඔබට ඉදිරිපත් කිරීමට අදහස් කළේ බොහෝ දෙනෙකුගේම ඉල්ලීම පරිදිය. නිතර දකින උත්සව ඇඳුම් විලාසිතා තුළින් මඳක් බැහැරව කෙටි ඇඳුම් විලාසිතා කිහිපයක් ඔබට ඉදිරිපත් කිරීමට අදහස් කළෙමි.
විලාසිතා කියූ පමණින් සියලු විලාසිතාවන් හැම දෙනෙකුටම ගැළපෙන්නේ නැත. එනම් එකම වයස් කාණ්ඩවල පසුවන අය සඳහාද මෙවැනි ගැටලු ඇත. ශරීරයේ ස්වභාවය සහ වර්ණය අනුවද ඇඳුම් තෝරා ගැනීමේදී සලකා බැලිය යුතුය. මෙවර ඔබට ඉදිරිපත් කර ඇති ඇඳුම් විලාසිතා සාමාන්‍ය සහ සිහින් සිරුරක් ඇති අය සඳහා විශේෂ වේ.
අධික ස්ථුල බවින් සහ වුවමනාවට වඩා සිහින් සිරුරක් හිමි කාන්තාවන් සඳහා මෙවැනි විලසිතා එතරම් සුදුසු වන්නේ නැත. ඔබට ඉදිරිපත් කර ඇති විලාසිතා ජනප්‍රිය විලාසිතා රැල්ලෙන් මදක් බැහැරව ඇති බව ඔබට දැකිය හැක. ඕනෑම කාන්තාවක් කැමති වන්නේ වෙනත් අයෙකුට නැති ඇඳුම් විලාසිතා අනුගමනය කිරීමටය. එබැවින් නිර්මාණයට නිපුණත්වයක් ඇති අයෙකු ලවා මෙවැනි නිර්මාණයක් සිදු කර ගත හැක.
 
හොරණ වගීෂා ස්කූල් ඔෆ් ඩේ‍රස් මේකින් හි ප්‍රවීණ මැහුම් හා මෝස්තර නිර්මාණ ශිල්පිනී වගීෂා අබේසිංහ ඉදිරිපත් කරයි

Add comment

ප්‍රතිචාර දැක්වීමේ කොන්දේසි : -
ප්‍රතිචාර දැක්වීමේදී පරුෂ වචන අපහාස කිරීම් ලිපියට අදාල නොවන ප්‍රතිචාර පල කිරීමෙන් වලකින ලෙස කරුණාවෙන් දන්වා සිටිමු.


Security code
Refresh

Lakbima Online

Download Lakbima Mobile App

 
 

 

Get In Touch With Us

Please publish modules in offcanvas position.