lakbima.lk

උත්සව කිහිපයකට විවිධත්වයෙන් අඳින්නට එක ඇඳුමක්

උත්සව අවස්ථාවකට සුදුසු ස්කර්ට් ඇන්ඩ් බ්ලව්ස් විලාසිතාවක් ආකාරයට නිර්මාණය කරන ලද මෙම ඇඳුමේ සාය විසිතුරු සාරියකින් මසාගෙන තිබේ. එය  ඔබට වරක් දෙවරක් උත්සව සඳහා අඳින ලද සාරියකින් නිර්මාණය කර ගත හැකිය.
යාර පහක් පමණ ගනිමින් මෙම සාය ෆ්ලෙයාර්ඩ් ආකාරයට මසා ගෙන තිබේ. එහි ඇති විසිතුරු මල් ගෙත්තම් කැපී පෙනෙන්නට වෙනත් පැහැයක සෙටින් රෙද්දකින් ලයිනිං යොදා ඇත.  අඟල් 60 පළල  වෙල්වට් රෙදි මීටර් එකකින් ජැකට් එක නිර්මාණය කර ගත හැකිය. එකිනෙකට වෙනස් වූ ජැකට් විලාසිතා දෙකක් එබඳු සායකට ගැළපෙන ආකාරය බලන්න. ඔබගේ කැමැත්තට අනුව සායට ගැළපෙන ජැකට් එකට ෂෝල් එක ඇතිව හෝ නැතිව වුවද භාවිත කළ හැකිය. ජැකට් කිහිපයක් මසාගත් කල  ගමන් කිහිපයකට භාවිත කළ හැකි වේ.

ඡායාරූප - ක්‍රිෂ්ණි

ඡායාරූ - තුෂාර අතපත්තු
සටහන - උත්පලා සුභාෂිනි

නිර්මාණය
ශ්‍රී ජයවර්ධනපුර රෝහල අසල දෙව්මිනි ඩේ‍රස් මේකර්ස්හි ප්‍රවීණ ඇඳුම් නිර්මාණ ශිල්පිනී
අචලා නිරෝෂිනී විජේතුංග

Add comment

ප්‍රතිචාර දැක්වීමේ කොන්දේසි : -
ප්‍රතිචාර දැක්වීමේදී පරුෂ වචන අපහාස කිරීම් ලිපියට අදාල නොවන ප්‍රතිචාර පල කිරීමෙන් වලකින ලෙස කරුණාවෙන් දන්වා සිටිමු.


Security code
Refresh

Lakbima Online

Download Lakbima Mobile App

 
 

 

Get In Touch With Us

Please publish modules in offcanvas position.