lakbima.lk

සායටත් කලිසමටත් සුදුසු බ්ලවුසයක්

මේ සැහැල්ලු බ්ලවුසයත් සායට වගේම කලිසමටත් සුදුසුයි. මහන්නත් හරිම පහසුයි.
විස්කෝස් වගේ කඩා හැලෙන සුළු රෙද්දක්  මේ  සඳහා වඩාත් හොඳයි. තනිපාට වගේම මුද්‍රිත රෙද්දක් වුවත් ගැළපෙනවා.
තදපාට ඉරිවලින් දැක්වෙන්නේ ඉදිරි පලුවයි. නැම්මට තියලා කපා ගන්න. යෝක් කොටස වෙනම කපා ගන්න.  ඔබට අවශ්‍යනම්  යෝක් කොටස පිටුපස උරහිසටම සම්බන්ධ කර කපා ගන්නත් පුළුවන්.
පිටුපස පලුව කුඩා ඉරිවලින් පෙන්නා ඇති පරිදි නැම්මට තබා කපාගන්න.
අවශ්‍ය මැහුම් වාසි තබා  තියනවා.  ඔබට අවශ්‍ය පරිදි උස ගන්න පුළුවන්.
ඉදිරි පලුවේ කුඩා තිත් ඉරිවලින් පෙන්නා දී ඇති පරිදි අත් කටටද සමගම  ෆේසින් එකක් කපා කුඩා රූප සටහනේ පරිදි   ෆේසින් එක අල්ලා හරවා ගන්න. උරහිස යාන්තම රැලි කර යෝක් කොටසට අල්ලා ගන්න.
පිටුපස පලුවටද අත්කටටත් සමගම  ෆේසින් එක කපා තබා මසා  හරවා ගන්න. උරහිස් මූට්ටු කර අංශය මසා ගන්න.
වාටිය හීනියට රැළි නොවන සේ මසා ගන්න. ඉදිරි පලුවට වඩා පිටුපස පලුව දිගු වැඩිකර ගන්න.
අවශ්‍යනම් කර වටට අත් කටට පිටින් මැහුම් ගසා ගත හැකිය.
මෙම බ්ලවුසය පපුව 32 සිට 34 දක්වා ප්‍රමාණවලට  ගන්න පුළුවන්. අංශයෙන් පමණක් 1 පමණ වැඩිකර ගැනීමෙන් 36 ප්‍රමාණයටද සකසා ගත හැකියි.

ඉදිරිපත් කිරීම බණ්ඩාරගම එම්.එස්.පී. මැහුම් පාස‍ලේ උපදේශිකා, ප්‍රවීණ මැහුම් ශිල්පිනී  මැහුම් ඩිප්ලෝමාධාරිනි  මානෙල් ප්‍රේමතිලක
 

Add comment

ප්‍රතිචාර දැක්වීමේ කොන්දේසි : -
ප්‍රතිචාර දැක්වීමේදී පරුෂ වචන අපහාස කිරීම් ලිපියට අදාල නොවන ප්‍රතිචාර පල කිරීමෙන් වලකින ලෙස කරුණාවෙන් දන්වා සිටිමු.


Security code
Refresh

Lakbima Online

Download Lakbima Mobile App

 
 

 

Get In Touch With Us

Please publish modules in offcanvas position.