lakbima.lk

උත්සව අවස්ථාවකට ඔසරියට ගැළපෙන සරල කොණ්ඩා විලාසිතාවක්

උත්සව අවස්ථාවන් සඳහා ඔබ ඔසරියෙන් සැරසෙන්නේ නම් ඔබේ කෙස් බැඳ සකස් කර ගැනීම වඩාත් උචිතයි. මේ නිසා අද අප ඉදිරිපත් කරන්නේ ඔබට  පහසුවෙන්  ඔබට සකස් කර ගත හැකි විලාසිතාවකි. මෙය කැන්ඩියන් බන් නමින් හඳුන්වනවා.
පළමු ඡායාරූපයේ පරිදි කන් දෙක දෙපසින් බෙදා වෙන් කර ගන්න.
2 සහ 3  ඡායාරූපවල දැක්වෙන අන්දමට කුඩා කුඩා කොටස් ගෙන හොඳින් බැක්කෝම්බ් කර ස්ප්‍රේ කර ගන්න.
ඉන්පසු බැක්කෝම්බ් කරගත් කොටස් ක්‍රවුන් ඒරියා එකෙන්  ඉහළට ගෙන පින්  ගසා ගන්න. ඊළඟ ඡායාරූපය බලන්න කන දෙපස කොටස්ද  එසේ පින් කර ගන්න. මේවා 4,5 ඡායාරූප බලා  අවබෝධ කර ගන්න.
දැන් 6 ඡායාරූපයෙන් පෙන්වා ඇති ආකාරයට සියලුම කෙස් කොටස් හොඳින් පීිරා පිටුපසට ගෙන පින් ගසා රබර් පටියකින්  එකතු කර ගන්න.
 දැන් 7 වන රූපයේ දක්වා තිබෙන අන්දමට සියලුම කෙස් කොටස් බැක්කෝම්බ් කර ඒ සියලු කොණ්ඩය එකට එකතු කර බන් එකක් ආකාරයට පින් කර ගන්න. මෙය 7  රූපයෙන් අවබෝධ කර ගන්න.
දැන් කැන්ඩියන් බන් එක අවසාන රූපයේ දැක්වේ.

උපදෙස් පිටකා්ට්ටේ බංගලා හන්දියේ සැලෝන් ප්‍රියා හි ප්‍රවීණ රූපලාවන්‍ය ශිල්පිනී රසිකා ප්‍රියදර්ශනී

සටහන - උත්පලා    සුභාෂිනි ඡායාරූප-තුෂාර අතපත්තු

Add comment

ප්‍රතිචාර දැක්වීමේ කොන්දේසි : -
ප්‍රතිචාර දැක්වීමේදී පරුෂ වචන අපහාස කිරීම් ලිපියට අදාල නොවන ප්‍රතිචාර පල කිරීමෙන් වලකින ලෙස කරුණාවෙන් දන්වා සිටිමු.


Security code
Refresh

Lakbima Online

Download Lakbima Mobile App

 
 

 

Get In Touch With Us

Please publish modules in offcanvas position.