lakbima.lk

කුඩා දියණියට ඇඳුම් විලාසිතා

අවුරුදු 4 සිට 10 දක්වා වයසැති දියණියකට ඇඳුම් නිර්මාණයක් තේරීම පහසු කටයුත්තක් නොවන්නේ
වෙළඳපළේ බොහෝවිට එකම ආකාරයේ මෝස්තර නිර්මාණ එකිනෙකට වෙනස් රෙදි වර්ග මිශ්‍ර කිරීමෙන් එකම ආකාරයකට මසා නිම කර ඇති බැවිනි.  කුඩා දියණියක සඳහා මෝස්තරයක් නිර්මාණය කිරීමේදී එහි සරල බව මෙන්ම එහි වර්ණ මිශ්‍ර කිරීම පිළිබඳවද සැළිකිලිමත් විය යුතුය. මේ සඳහා ‍ලේස් වර්ග මිශ්‍ර කිරීමේදී එය භාවිතයෙන් ඇඟලුමේ සුව පහසුවට බාධාවක් වන්නේ නම් එවැනි  දෑ එක් කිරීම පිළිබඳව දෙවරක් සිතිය යුතුය. ඒ සඳහා සුදුසු ‍ලේස් වර්ග යොදා ගැනීමට වගබලා ගත යුතුවේ.
බොහෝ විට කුඩා දියණියක සඳහා ඇඳුම් නිර්මාණයක් සැකසීමේදී, වෙනත් ඇඳුම් නිර්මාණයක් සැකසීමෙන් ඉතිරි වූ රෙදි කොටස්ද යොදා ගත හැකිය. ඉදිරිපත් කර ඇති අවසන් කළ ඇඳුම් නිර්මාණ දෙස බැලීමේදී ඔබට මේ බව පසක් කර ගත හැක. මෙවැනි නිර්මාණයක් තුළ පැවැතිය යුතු ප්‍රධාන ලක්ෂණ අතර මෘදු බව සහ ආකර්ශණීය බව තිබිය යුතුමය. මෙහිදී එක් වර්ණයක් නොව වර්ණ කීපයක් වුවද නිසි ක්‍රමවේදයකට ගලපා ගත් කල එහි අපූර්වත්වයක් දැකිය හැකිය. මෙවැනි නිර්මාණ සඳහා කපු මිශ්‍ර රෙදි වර්ග යොදා ගැනීම යෝග්‍ය වේ.

හොරණ වගීෂා ස්කූල් ඔෆ් ඩේ‍රස් මේකින් හි ප්‍රවීණ මැහුම් හා මෝස්තර නිර්මාණ ශිල්පිනී වගීෂා අබේසිංහ ඉදිරිපත් කරයි

Add comment

ප්‍රතිචාර දැක්වීමේ කොන්දේසි : -
ප්‍රතිචාර දැක්වීමේදී පරුෂ වචන අපහාස කිරීම් ලිපියට අදාල නොවන ප්‍රතිචාර පල කිරීමෙන් වලකින ලෙස කරුණාවෙන් දන්වා සිටිමු.


Security code
Refresh

Lakbima Online

Download Lakbima Mobile App

 
 

 

Get In Touch With Us

Please publish modules in offcanvas position.