lakbima.lk

සුන්දර ගවුම් විලාසිතා

කලින් කලට වෙනස්වන ගවුම් විලාසිතා අතරට එක්වුණු නව මෝස්තර නිර්මාණ කීපයක් ඔබට ඉදිරිපත් කර ඇත. මෙවැනි විලාසිතා සාමාන්‍ය ගමන් සඳහා උචිත වන අතර අවස්ථාව අනුව රෙදි වර්ග යොදා ගැනීමෙන් නිර්මාණයේ වටිනාකම තීරණය කළ හැක. මෙවන් අංග නිර්මාණකරණයේ පළපුරුදු අයකු විසින් සිදු කළ යුතු වන අතර ඒ සඳහා ඔබ සතු නව නිර්මාණ සංකල්පයන්ද එක් කර එය වඩාත් කැපී පෙනෙන ලෙස නිම කර ගත හැක. වෙළඳපළේ මේ දිනවල ගවුම් විලාසිතා බහුලය. බොහෝ විට ඒවා ඒකාකාරී බවින් යුතු නිසා ඔබටම සිතැඟි පරිදි මෙවැනි නිර්මාණයක් සකසා ගත හැකිනම් වටී.

කපු මිශ්‍ර රෙදි වර්ග මෙන්ම සිල්ක් රෙදි වර්ග ආදේශ කිරීමෙන් වුවද මෙම නිර්මාණ සිදු කළ හැකිය. නිර්මාණාත්මක ලෙස වර්ණ සංකලනය කිරීම තුළින් වැඩි ප්‍රමිතියකින් යුතු ඇඳුම් නිර්මාණයක් කළ හැක. මෙහිදී රෙදි වර්ග සඳහා වැය වන මුදල පිළිබඳ පමණක් ලඝුකොට සැළකිය යුතු නොවේ. ඒ සඳහා යොදා ගනු ලැබූ නිර්මාණාත්මක ක්‍රමවේදය මත අගැයීමට ලක්විය යුතුය.

හොරණ වගීෂා ස්කූල් ඔෆ් ඩේ‍රස් මේකින් හි ප්‍රවීණ මැහුම් හා මෝස්තර නිර්මාණ ශිල්පිනී වගීෂා අබේසිංහ ඉදිරිපත් කරයි

Add comment

ප්‍රතිචාර දැක්වීමේ කොන්දේසි : -
ප්‍රතිචාර දැක්වීමේදී පරුෂ වචන අපහාස කිරීම් ලිපියට අදාල නොවන ප්‍රතිචාර පල කිරීමෙන් වලකින ලෙස කරුණාවෙන් දන්වා සිටිමු.


Security code
Refresh

Lakbima Online

Download Lakbima Mobile App

 
 

 

Get In Touch With Us

Please publish modules in offcanvas position.