lakbima.lk

විශේෂ අවස්ථාවන්ට සුදුසු සාරි වර්ග

මේ සාරි වර්ග ඔබට විශේෂ අවස්ථාවකට ඇඳීම සඳහා සුදුසුයි. දීප්තිමත් වර්ණවලින් යුතු මෙම සාරි තරුණ ළඳුන්ට වඩාත් සුදුසු වුවත්, මැදිවියේ කාන්තාවන්ට වුවද විවිධ අවස්ථාවන් සඳහා මෙවැනි සාරි වර්ග තෝරා ගැනීමේ හැකියාව තිබෙනවා. 
 
01. ෂේඩ් කලර් බටර් සිල්ක් සාරියක්. අලංකාර බෝඩරයක් සමග බෝඩරය වටේට ස්ටෝන්ස් අල්ලා අලංකාර කර තිබෙනවා.
02. මනාලියකගේ නික්ම යන ගමනට මෙන්ම විවාහය ලියාපදිංචි කරන දිනයටද සුදුසු සාරියක්. දීප්තිමත් බවින් යුතු මේ සාරිය මුද්‍රිත විශාල බෝඩරයකින් සහ ‍ලේස් බෝඩරයකින්ද අලංකාර වී තිබෙනවා. 
03. මෙය ජැපෑන් කේ‍ර්ප් වර්ගයේ ඉතාම සැහැල්ලු ඩිසයින් සාරියක්. උත්සව අවස්ථාවකට වුවත් මෙය ඉතාමත්ම සුන්දරයි.
04. ඕනෑම ගැළපෙන වර්ණයක, හැට්ටයක් සමග ඇඳිය හැකි ජොර්ජට් වර්ගයේ ඩිසයින් සාරියක්. තරුණ යුවතියකට මෙය ඉතාමත් අලංකාරයක් ගෙනදෙනවා. 
05. සිල්වර් බෝඩර් සහිත සීත්රූ සාරියක්. මෙය සිල්වර් හැට්ටයක් සහ සිල්වර් ආභරණ සමග උත්සවයකට අඳින්න පුළුවන්. 
 
නිරූපණය - ඉෂූ
 
සාරි සැපයීම කංකා සාරි ෆැෂනි හි අමිලා නදීෂානි
හැඩගැන්වීම දිලූ සැලෝන් 
සටහන උත්පලා සුභාෂිනී
ඡායාරූප ජානක කඳනආරච්චි 

Add comment

ප්‍රතිචාර දැක්වීමේ කොන්දේසි : -
ප්‍රතිචාර දැක්වීමේදී පරුෂ වචන අපහාස කිරීම් ලිපියට අදාල නොවන ප්‍රතිචාර පල කිරීමෙන් වලකින ලෙස කරුණාවෙන් දන්වා සිටිමු.


Security code
Refresh

Lakbima Online

Download Lakbima Mobile App

 
 

 

Get In Touch With Us

Please publish modules in offcanvas position.