lakbima.lk

තනි වර්ණයේ සාරියකින් සැරසෙන ඔබට සුදුසු සාරි හැට්ට විලාසිතා

මෙම උත්සව මාසයේදී ඒ සඳහා සාරියකින් හැඩවෙන ඔබට නිර්මාණාත්මක සාරි බ්ලවුස් කීපයක් ඉදිරිපත් කිරීම සුදුසු යයි සිතමි. 
මෙවර ඉදිරිපත් කර ඇත්තේ සිහින් සිරුරක් ඇති කාන්තාවන් සඳහා වඩාත් ගැළපෙන මෝස්තර නිර්මාණ කීපයකි. ඔබ නිතර දකින සාම්ප්‍රදායික මෝස්තර නිර්මාණ තුළින් මඳක් ඔබ්බට ගිය නිර්මාණශීලී රටාවන්ගෙන් සැදුම්ලත් මෙවැනි සාරි බ්ලවුසයක් සමග ඔබට අඩු වටිනාකමකින් යුත් තනි වර්ණයක යුතු සාරියකින් වුවද හැඩගැන්විය හැක.  
බොහෝ කාන්තාවන් තුළ මෙවැනි එකිනෙකට වෙනස් වූ නිර්මාණාත්මක සංකල්ප ඇතත් ඒවා ක්‍රියාවට නැගීමට ඔවුහු මැලිකමක් දක්වති. එයට හේතු වන්නේ මෙවැනි නිර්මාණ සඳහා වැඩි කාලයක් හා ශ්‍රමයක් වැය කළ යුතු වීමය.  එම හේතුව නිසා බොහෝ අවස්ථාවන්හිදී පහසුව සඳහා වෙනත් විකල්ප සරල මෝස්තර සකසා ගැනීමට හෝ ඉතා අධික මූල්‍ය වටිනාකමකින් යුක්ත වූ මෙවැනි නිර්මාණ වෙළඳපළෙන් ලබා ගැනීමට පෙළඹෙනු  ඇත. නමුත් එහි සැබෑම වටිනාකම වනුයේ තමන් සතු නිර්මාණ ප්‍රතිභාව වෙනත් නිර්මාණ කරුවකු ලවා සිදු කර ගැනීම නොව තමාගේම සිතැඟියාවන් නිර්මාණය තුළින් එළිදැක්වීමයි. එවිට එය ඔබේම සංකල්ප තුළින් සැදුම්ලත් සුවිශේෂී නිර්මාණයක් වනු ඇත. 
මෙවැනි සාරි බ්ලවුස් නිර්මාණ මංගල අවස්ථාවන් සඳහා වඩාත් සුදුසු වන අතර ඒ සඳහා තනි වර්ණයෙන් යුතු සාරි වඩාත් සුදුසුවේ. එමෙන්ම ෂිෆෝන්, ජෝජට්, කේ‍ර්ප් වැනි සාරි මේ සඳහා මනාව ගැළපේ. 
 
හොරණ වගීෂා ස්කූල් ඔෆ් ඩේ‍රස් මේකින් හි ප්‍රවීණ මැහුම් හා මෝස්තර නිර්මාණ ශිල්පිනී වගීෂා අබේසිංහ ඉදිරිපත් කරයි

Add comment

ප්‍රතිචාර දැක්වීමේ කොන්දේසි : -
ප්‍රතිචාර දැක්වීමේදී පරුෂ වචන අපහාස කිරීම් ලිපියට අදාල නොවන ප්‍රතිචාර පල කිරීමෙන් වලකින ලෙස කරුණාවෙන් දන්වා සිටිමු.


Security code
Refresh

Lakbima Online

Download Lakbima Mobile App

 
 

 

Get In Touch With Us

Please publish modules in offcanvas position.