lakbima.lk

ළදරු පාසල් යන පුතුට කමිසයක්

ළදරු පාසල් යන පුංචි පුතාට කමිස ‍පොඩිත්තක් ඔබේ අතින්ම මහලා දෙන්න. රේඛා හඳුනාගෙන වෙන වෙනම පිටපත් කරගන්න.

ඉදිරි පලු කොටස් 2ට කපා ගන්න.
පිටුපස පලුව නැම්මට තබා කපන්න.
යෝක් එක - නැම්මට තබා කොටස් 2 යි.
අත් දෙක - කපා මැද ලකුණු කර ගන්න.

කොලර් එක - කොලර් ස්ටිප් වලින් නැම්මට තබා කපාගෙන වටේට 1/2 ඉඩ තබා රෙදි කොටස් 2ක්ද කපන්න.
‍පොකට් එක, ඉහළට වාටියට 1 ද වටේට 1/2 බැගින්ද තබා කපා පතරොමේ ප්‍රමාණයට නවා අයන් කරගන්න.
* ඉදිරි වම් පලුවේ පෙන්නා දී ඇති සීමාවේ ‍පොකට් එක අල්ලා ගන්න.
* යෝක් කොටස් 2 (පිටුපස පලුවේ දෙපැත්තට තබා) අල්ලා ගන්න.
* උරහිස් මූට්ටු කර ගන්න. (එය මූට්ටු කරන ක්‍රමය කමිසයක් බලා වටහා ගන්න)
අත් දෙක පෙර පසු මාරු කර නොගෙන (අත්කට මැද ලකුණු කරගෙන) අල්ලා ගන්න.

කොලර් එක

ඒ රූප සටහනේ පරිදි ස්ටිප් කොටස වටේට ඉඩ තබා රෙදි කොටසකට අල්ලා පහළ වැඩිපුර ඇති 1/2 නවා මසා ගන්න. ඉතිරි රෙදි කොටසට තබා ස්ටිප් එක අයිනෙන් වටේ මසා මුල්ල ලස්සනට සිටින සේ හරවා ගන්න.
(මීට පෙර කොලර් එක සකසා ගන්නා ක්‍රමය පැහැදිලි කර ඇති නිසා ඔබට මතක ඇතැයි සිතමි)
කොලර් එක ක්‍රමවත්ව අල්ලා ගන්න. දෙපස මූට්ටු කර වාටිය මසා ගන්න. බොත්තම් කාස මසා බොත්තම් අල්ලා ගන්න.

ඉදිරිපත් කිරීම බණ්ඩාරගම එම්.එස්.පී. මැහුම් පාස‍ලේ උපදේශිකා, ප්‍රවීණ මැහුම් ශිල්පිනී මැහුම් ඩිප්ලෝමාධාරිනි මානෙල් ප්‍රේමතිලක

Lakbima Online

Download Lakbima Mobile App

 
 

 

Get In Touch With Us

Explore More

Please publish modules in offcanvas position.