lakbima.lk

යොවුන් දියණියට ගැළපෙන සාරි හැට්ටයක්

පපුව - 35” ඉණ 32” ප්‍රමාණයට මෙය සකස් කර තිබෙන්නේ. අංශයෙන් 1/4” පමණ අඩු වැඩි කරගෙන 34 - 36 ප්‍රමාණයට සකසා ගන්න පුළුවනි.

නියමිත කොටස් වෙනම කොළයකට කාබන් තබා කොපි කර  ගන්න. ඉදිරි පලුව ප්‍රින්සස් ලයින් හැඩයට සකසා ඇත. පිටුපස පලුව කොටස් 2ට කපාගත යුතුය.

ඉදිරි පලුව

මැද රෙද්දේ නැම්මට තබා වටේටම 1/2” මැහුම් වාසි තබා වාටියට අවශ්‍ය ඉඩ තබා කපා ගන්න.

ඉදිරි පලුවේ අංශය

කොටස් 2ක් අංශයට 1 1/4” ද වාටියට අවශ්‍ය ඉඩද ඉතිරි වටේට 1/2” බැගින්ද ඉඩ තබා කපා ගන්න. අංශ ඩාට් එක ඇඳ ගන්න.

පිටුපස පලුව

කොටස් 2යි. අංශයට 1 1/4” ක්ද වාටියට අවශ්‍ය පමණද වටේට 1/2” මැහුම් වාසිද තබා කපා ගන්න.

මසා ගන්නා ක්‍රමය

ඩාට් මසා ගත් අංශ කොටස් 2 ඉදිරි පලුවට මැහුම් වාසි හැර රේඛා දිගේම අල්ලා ගන්න. ඉදිරි හා පසු පලු උරහිසින් සම්බන්ධ කර ගන්න. කර සහ අත් කට ඉතාම ක්‍රමවත්ව පයිපින් කර ගන්න. (ලයිනින් කොටස තබා මසා හරවා උඩින් මැහුමක් ගසා ගැනීමටද හැක) අංශයේ වැඩිපුර වාසි හැර රේඛා එක මත එක තබා රේඛා දිගේ මසා ගන්න.

පිටුපස හක් හෝ බොත්තම් ඇල්ලීමට පටි අල්ලා ගන්න. බොත්තම්වලට නම් ලූප් මසා ගන්න.

ඉදිරිපත් කිරීම බණ්ඩාරගම එම්.එස්.පී. මැහුම් පාස‍ලේ උපදේශිකා, ප්‍රවීණ මැහුම් ශිල්පිනී මැහුම් ඩිප්ලෝමාධාරිනි මානෙල් ප්‍රේමතිලක

Lakbima Online

Download Lakbima Mobile App

 
 

 

Get In Touch With Us

Explore More

Please publish modules in offcanvas position.