lakbima.lk

පුංචි දූට ගවුමක්

පුංචි දඟකාරිට හුරුබුහුටි ගවුම් ‍පොඩිත්තක් මේ. ළදරු පාසල් යන දූට ප්‍රමාණවත් ලෙසයි පතරොම හදලා තියෙන්නෙ.

සාය ඉදිරි පලුව කොටස් 1යි පිටුපස පලුව ඉණට වාටියට තබා කොටස් 2ට කපා ගන්න. ඉදිරි පලුව මැද නැම්මට තබා කපන්න. පිටුපස පලුව ඉණට වාටිය පැත්තෙන් ඉණට වාටියේ සිට අඟල් 1 ඇතුළට කර තබා කපන්න.
කුඩා තිත් ඉරි වලින් පෙන්නා දී ඇති පරිදි පේෂිම (පිටුපස සහ ඉදිරි කරට) කපා ගන්න.

ඉදිරි පලුවට කර ෆේෂිම අල්ලාගෙන රැලි කර ගත් ඉදිරි සාය කෙටස අල්ලා ගන්න. (රැලි පටියද තබා ගන්න)
පිටුපස උඩ කොටස් දෙකට රැලි කරගත් පිටුපස සාය කොටස් 2 අල්ලා ඒ රූපයේ පරිදි මූට්ටුකර සිපර් එක අල්ලා ගන්න. (අඟල් 10 ෂිපර් එක) දැන් පිටුපස කර පේෂිම අල්ලා ගන්න.

උරහිස් මූට්ටු කර අත්කට පයිපින් කර ගන්න.

ඉණට රැලි පටිය අඟල් 2 පළලට අඟල් 25 දිගට කපා හීනියට වාටිය මසා රැලි කර ගන්න. (මැහුම් වාසි තබා ඇත) දැන් අංශය මසා වාටි මසා ගන්න.

ඉදිරිපත් කිරීම බණ්ඩාරගම එම්.එස්.පී. මැහුම් පාස‍ලේ උපදේශිකා, ප්‍රවීණ මැහුම් ශිල්පිනී මැහුම් ඩිප්ලෝමාධාරිනි මානෙල් ප්‍රේමතිලක

Lakbima Online

Download Lakbima Mobile App

 
 

 

Get In Touch With Us

Explore More

Please publish modules in offcanvas position.