lakbima.lk

ගොයින් අ වේ එකට සැරසුණු මනාලියක්

මේ මනාලිය කට් වර්ක්  කොට්න් රෙද්දකින් නිර්මාණය කරන ලද ඔසරියකින් සැරසී සිටින්නෙ. සාරියේ ‍පොටට පමණක් වර්ක් එකක් දමා තිබෙනවා. ඒ හැර හැට්ටයේ අත් දෙක වැලමිට දක්වා විවරයක් සිටින පරිදි නිර්මාණය කර වැලමිට ළඟ  සිට දිගට  ෆ්ලෙයාර්ඩ් කොටසක් අල්ලා හැඩ කර තිබෙනවා

මේ ඔසරිය සමග රන් හෝ රිදී ආභරණ මංගල  මොහොතට පැලඳිය හැකියි. ඉන්පසු නික්ම යන ගමන (going away) සඳහා පිටත් වීමට ඇඳුම මාරු නොකර කළුපැහැති මෙවැනි මොඩර්න් කැන්ඩියන් ආභාරණ සෙට් එකක් පැලඳිය හැකියි. තනි සුදු පැහැති ඔසරියට එවැනි ආභරණ කට්ටලයක් හොඳින් ගැළපෙනවා. එසේම එහි පැහැයට ගැළපෙන පරිදි ඇය   මානෙල්  මල් මිටක් මල්  කළඹ වශයෙන් ගෙන සිටිනවා. වෙනසකට කැමැති මනාලියකට මෙවැනි ආකාරයට සැකසිය හැකියි.

නිරූපණය - චතු 

හැඩගැන්වීම  - කැලණිය බොල්ලෑගල සැලෝන් බයෝ හි ප්‍රවීණ රූපලාවන්‍ය ශිල්පිනී කුමාරි සමරක්කොඩි

සටහන නිර්මලා කුමාරි සේනාරත්න

ඡායාරූප තුෂාර අතපත්තු

Lakbima Online

Download Lakbima Mobile App

 
 

 

Get In Touch With Us

Explore More

Please publish modules in offcanvas position.